නවතම පුවත්

නාලන්දාව එකළු කළ මිණිපහනේ ඔබ නොදුටු කතාන්දරය

අසංක

අසංක

කොළඹ නාලන්ද විද්‍යාලයේ කීර්තිමත් විදුහල්පතිවරයෙකු වූ ධර්ම ගුණසිංහ මහතා පසුගියදා අභාවප්‍රාප්ත වූයේ දහස් ගණනක් වූ ආදි නාලන්දියන්ගේ දෑසට කඳුළක් එක්කරමිනි.

විශ්‍රාම ගොස් කලක් ගත වුව ද ඔහු අවසන් හුස්ම හෙළන තෙක් ම නාලන්දා විද්‍යාලය සමඟ ඔහුගේ ජීවිතය බැඳී තිබූ ආකාරය අපිට දැනගන්නට ලැබුණේ ආදි නාලන්දියන්ගෙනි. මෙතෙක් කිසි දිනෙක අසන්නට නොලැබුණු, ගුරු ගෝල සබඳතාව තුළ ඇති අපූරු බැඳියාව ඒ කතන්දර තුළ සැඟ ව තිබේ.

1958 දී විද්‍යා ගුරුවරයකු ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයට එ වූ ධර්ම ගුණසිංහ මහතා කීර්තිමත් පඬිරුවනක් වූ සිරි ගුණසිංහ මහතාගේ බාල සොයුරා යි.

ධර්ම ගුණසිංහ මහතා නාලන්දා විද්‍යාලය බබළවන විදුහල්පතිවරයා බවට වගකීම් භාර ගන්නේ 1982 වසරේදීය.

එතැන් සිට එක්දහස් 1990 තෙක් ම ඒ මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ එවක ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව බැබළවූ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් රාජ්‍ය නායකයන්, මැති ඇතිවරුන්, විද්වතුන් ගණනාවක් බිහි කළ සැබෑ ම විදුහල්පතිවරයකු ගේ ආදරණීය භූමිකාව මෙහෙයවමිනි.

ඒ ඒ කොළඹ නාලන්දා විද්‍යාලයේ ස්වර්ණමය යුගයයි. දිවා රෑ නොබලා ධර්ම ගුණසිංහ මහතා සිය ජීවිතය කැප කළේ නාලන්දාව වෙනුවෙ ම පමණි.

අවිවාහකයකු වූ ඒ මහතා සිය දරුවන් ලෙස සැලකුවේ නාලන්දාවේ සිසු දරුවන් ය.

විශ්‍රාම දිවියට පිවිසි ධර්ම ගුණසිංහ මහතා අවසන් සුසුම් ලන තෙක් ම බලා කියා ගත්තේ ආදී නාලන්දියන් විසිනි.

ඒ මහතා රෝගී වී සිටි සමයේ සියලුම රෝහල් වියදම් පවා වැය කිරීමට ඉදිරිපත් වූයේ ආදි නාලන්දියන් ය.

නාලන්දය වෙනුවෙන් ඔහු සිය ජීවිත කාලයම කැප කොට හරිහම්බ කර ගත් දේ ඒ සිසු දරුවන්ගේ නොසිදෙන ආදරය යි.

සිය 91 වැනි ජන්ම දිනයේදීම මිහිමඩලෙන් මඩලෙන් සමුගත් ධර්ම ගුණසිංහ මහතා වෙනත් කිසිදු විදුහල්පතිවරයෙකු නොලැබූ තරම් සිසු දරුවන්ගේ ආදරය, රැකවරණය ලැබීමට තරම් සමත් වූ අයෙකු වූයේ සිය ජීවිතයේ සෑම තත්පරයක්ම නාලන්දා වෙනුවෙන් කැප කළ නිසා වන්නට ඇත.

ධර්ම ගුණසිංහ මහතාණෙනි, ඔබට නිවන් සුව!

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්