නවතම පුවත්

කොරෝනා මැඬලන්න ලාංකික පර්යේෂකයකුගෙන් විසඳුමක්

අසංක

අසංක

කොරෝනා වෛරසය බෝවීම පාලනය කිරීම සඳහා වන සුවිශේෂී විසදුමක් සම්මානලාභී ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු සහ නව නිපැයුම්කරුවෙකු වන මංජු ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කර ඇත.

 එම විසඳුම ලෙස මංජු ගුණවර්ධන  මහතා  පෙන්වාදෙන්නේ නැනෝ අංශු සහිත බල්බයක් වන අතර එය වායුගෝලයේ ඇති විෂ අංශු, බැක්ටීරියා සහ වෛරස් ඉවත් කිරීමේ හැකියාව සතු සුවිශේෂී නිර්මාණයකි.


මෙම  නිපැයුම සඳහා  මංජු ගුණවර්ධන මහතාට එක්සත් ජනපදය විසින් නිකුත් කරන ලද පේටන්ට් බලපත්‍රයක් පවා ඇත.


ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරයාම වැලැක්වීම සඳහා විසදුමක් ලෙස මංජු ගුණවර්ධන මහතා මෙම නිපැයුම පසුගිය 2012  වසරේ සිදුකරන ලද අතර එය කොරෝනා වෛරසය බෝවීම පාලනය කිරීම සඳහාද භාවිත කල හැකි බව ඔහු අවධාරණය කර සිටී.


වසර හතක පර්යේෂණයකින් පසුව සිදුකරන ලබා මෙම නව සොයාගැනීම සඳහා ජිනීවාහි ලෝක නව නිර්මාණ කොංග්‍රසයේ රන් පදක්කමක්ද  හිමිව ඇත.


ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතයට නොගත්තත් , දැනටමත් ඉන්දියාවේ බොහෝ වෛද්‍යවරුන් විසින් මෙම නව නිර්මාණය එරට භාවිතය සඳහා නිර්දේශ කර ඇත.එසේම මෙම නිපැයුම මේ වනවිට ඉන්දියාවේ  කර්මාන්ත ශාලාවක, වානිජ්‍ය වශයෙන්  නිෂ්පාදනය කර බෙදා හැරීමද ආරම්භ කර ඇත. 

ඉන්දීය හිටපු ජනාධිපති ඒ.ආර්. අබ්දුල් කලාම් මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා පවා මෙම ප්‍රතිකාරය නිර්දේශ කර ඇති බවද වාර්තාවේ.එසේම ජපානය, එංගලන්තය වැනි රටවල් ද ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තුරන් කිරීමට මෙම ප්‍රතිකාර ක්‍රමයට අනුමැතිය ලබා දී ඇති බවද දැනගන්නට ඇත.


මෙම සුවිශේෂී නිර්මාණයේ නිෂ්පාදන අයිතිය ඉන්දියාවට ලබාදීමට හේතුව කුමක්දැයි අප ගුණවර්ධන මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

 “ඉන්ෆ්ලුවෙන්සා රෝගය පාලනයට විසදුමක් ලෙස පසුගිය කාලයේ  මම මෙරට අදාළ බලධාරීන්ට දැනුම් දුන්න .  අපිම කතාකරලා ඇහුවා මේ බල්බය ඉන්දියාවෙන් ගෙන්නවලා දෙන්න. ඒත් මෙහේ කාටවත් ඒකට උනන්දුවක් නැහැ.අදාළ අමාත්‍යංශයේ මේ සම්බන්ධව වගකිව යුතු ඉහළම නිලධාරියාට මේ ගැන මම පුද්ගලිකවම කතාකළා. ඒත් කිසිම දෙයක් ලැබුණේ නැහැ.

ඒ අයට මේකත් කමිටු තියලා, පර්යේෂණ කරලා, ඔප්පු කරලා ගන්න අවශ්‍ය ඇති. ඒත් ඒකෙන් වෙන්නේ අහිංසක මිනිස්සු බේරගන්න තියෙන එකම අවස්ථාවත් නැතිවෙන එක.”


කොරෝනා වෛරසය වැනි  වසංගත රෝග පැතිරීම මේ වනවිට ලෝකය මුහුණ දෙන බරපතලම ගැටලුවක්ව ඇත. රෝහල්වලින්, වසංගත රෝගයන්ට ගොදුරු වූ රෝගීන්ගෙන් සහ දීර්ඝ කාලීනව වාතයේ ඇති විෂ වායුවලට නිරාවරණය වීමෙන් මෙම වසංගත රෝග ප්‍රධාන ලෙසම බෝවීම සිදුවේ. ඒ ප්‍රධාන ක්‍රම තුනටම  විසඳුම් මෙම සුවිශේෂී නිර්මාණය සතුව ඇත.


මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කල මංජු ගුණවර්ධන මහතා මෙසේ පැවසීය .”රෝහල් ඇතුළේ මියයන රෝගීන්ගෙන්  සියයට විස්සක් (20%) වැනි ප්‍රතිශතයක මියයෑම සිදුවන්නේ රෝහල් ඇතුළේ ඉන්න රෝගීන්ට වැලඳී ඇති වසංගත බෝවීම හේතුවෙන්. මේ තත්ත්ව හොස්පිටල් ඇක්වයර්ඩ් ඉන්ෆෙක්ෂන් (Hospitl acquired infections) හෝ නෝසොකොමිනල් (Nosocominal) ලෙස හඳුන්වනවා. මේ බල්බය මගින් රෝහල් ඇතුළේ ඇති වසංගත රෝගී පරිසරය සම්පූර්ණයෙන්ම නැති කරන්න හැකියාව තියෙනවා.


මීට අමතරව සමාජයේ ජීවත්වෙද්දි කොරෝන , H1N1, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග, කුරුලු උණ වැනි රෝග මිනිසුන්ට බෝ වෙන්න පුළුවන්. චිත්‍රපට ශාලාවල, බස්රථ, පංති කාමර හෝ සංවෘත කාමරවල ඉඳිද්දි මේ රෝගී තත්ත්වයන් බෝ වෙන්න පුළුවන්. ඒ සංවෘත ස්ථානවලත් මෙම බල්බය දැල්වීමෙන් එම රෝගී තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්.


මෙම නිර්මාණය කල අකාරය ගැන පැහැදිලි කරමින් ගුණවර්ධන මහතා පැවසුවේ මෙවැන්නකි.


“මම මුලින් කියපු ගැටලුවලට විසඳුමක් විදියට අපි එක්තරා නැනෝ අංශුවක් හොයාගත්තා. මේ නැනෝ ද්‍රව්‍යයට පුළුවන් ඉර එළිය, බල්බය වගේ ඕනෑම ආලෝක ප්‍රභවයක් එකතු වුණාම වාතයේ තියෙන විස අපද්‍රව්‍ය, බැක්ටීරියා හෝ වෛරස් යන ඕනෑම අපද්‍රව්‍යයක් ඉවත් කරන්න. ඉතින් මිනිසුන්ට පහසුම බල්බය නිසා තමයි අපි මේ නැනෝ අංශු බල්බයට එකතු කළේ. නැනෝ අංශු බල්බයේ පිටත ආලේප කිරීමක් පමණයි කරන්නේ.


මෙය අසනීප අයට කොහොමත් ප්‍රයෝජනවත්නේ. ඒ වගේම ඕනෙම නිවෙසක වැසිකිළිය, නානකාමරය වැනි ස්ථානවල විෂබීජ සියයට සියයක්ම විනාශ කිරීමේ හැකියාව මේ බල්බයට තියෙනවා. කුස්සිය වගේ විෂබීජ අවම විය යුතු තැන්වල මෙම බල්බය දැල්වීම බොහෝ ප්‍රයෝජනවත්. ඉන්දියාවෙ නම් බොහෝ සැත්කම්වලට ලක්වුණු අය මේ බල්බය භාවිතා කරනවා.


නැනෝ තාක්ෂණය පිළිබඳ විද්‍යාඥවරයෙක් වන  මංජු ගුණවර්ධන මහතා . රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි . ඔහු ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනනයේ නැනෝ තාක්ෂණ පිළිබඳ උපදේශකවරයකු ලෙසද  මේ වන විට කටයුතු කරයි .

මේවනවිට ඔහු කල  නව නිපැයුම් හැත්තෑ පහකට අධික ප්‍රමාණයක්  ජාත්‍යන්තර වෙළඳ පොලේ ඇත.  එසේම  අන්තර්ජාතික නව නිපැයුම්කරුවනගේ කොංග්‍රසයෙන් රන් පදක්කම් තුනක්, රිදී පදක්කමක් සහ ජූරියේ විශේෂ රන් පදක්කමක් ද ඔහු දිනාගෙන ඇත. 

ජිනීවා අන්තර්ජාතික නව නිපැයුම්කරුවන්ගේ කොංග්‍රසයේ අවුරුදු 43ක ඉතිහාසයේ වැඩිම  පදක්කම් ලාභියා වන්නේද  වන්නේද ඔහුය.

ඔහු තුල මෙවනව්ට ඇති එකම බලාපොරොත්තුව වන්නේ  මාරාන්තික කොරෝනා වෛරසය බෝවීම පාලනය කිරීම සඳහා තම නිර්මාණය භාවිතා කරීමට අදාළ බලධාරීන් පියවර ගනු දැකීමයි .


ඔහු තම ඉදිරි බලාපොරොත්තු ගැන තවදුරටත් පැහැදිලි කරමින් මෙසේද සඳහන් කළේය.


” මිනිස්සුන්ට ජීවත්වෙද්දි ඇතිවෙන ගැටලුවලට විසඳුම් හොයා ගන්න එක.තමයි මගේ එකම අරමුණ හා බලාපොරොත්තුව , මැරෙනකම් මම මේක තමයි කරන්නේ…..”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්