නවතම පුවත්

සිම්බාබ්වේ ලකුණු 175ක් ඉදිරියෙන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ (29දා) අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 62ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 175ක් ඉදිරියෙන් සිටී.

දිනය නිමා වනවිට කඩුල්ලේ රැඳී සිටි ප්‍රින්ස් මස්වෝර් ලකුණු 26ක් හා රෙජිස් චකබ්වා ලකුණු 14ක් ලබා සිටී. දැවී ගිය පිතිකරුවා වූ ක්‍රෙග් අර්වින් ලකුණු 13ක් රැස්කළ අතර, ඔහු විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වෙත උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්ව ගියේය. 

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (29දා) දිනයේදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 293ක් පමණි. ඒ සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 406ට පිළිතුරු ලෙසිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම පසුබෑමත් සමගින් ලකුණු 113ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවිය.

ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදීමට නායක දිමුත් කරුණාරත්න හා ඕෂධ ප්‍රනාන්දු සමත්වූ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 94ක සබඳතාවක් පැවැත්වූහ. කෙසේ වෙතත් දිමුත් හා ඕෂධ දෙදෙනාම මුළු ලකුණු 104ක් වනවිට ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත් වූහ.

ඉන් අනතුරුව කඩා වැටෙන ශ්‍රී ලංකා ඉනිමට යම් තරමකින් හෝ ජීවය සැපයූ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ලකුණු පුවරුව 226ක් දක්වා ඉදිරියට රැගෙන යාමට කටයුතු කළහ. ධනංජය ලකුණු 42කට දැවී ගිය අතර, මැතිව්ස් ලකුණු 64ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය. මැතිව්ස් රැස්කළේ සිය ටෙස්ට් දිවියේ 35 වැනි අර්ධ ශතකයයි.

මෙහිදී සිකන්දර් රාසා පන්දුවාර 43කදී ලකුණු 113ක් ලබාදෙමින් කඩුලු 07ක් දවා ගැනීමට සමත් වූ අතර, මෙය ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීමද විය.

ශ්‍රී ලංකාව හා සිම්බාවේ අතර (1994 – 2020) පැවැත්වෙන 20 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වන අතර, ඉන් තරග 14ක්ම ජයගෙන ඇති ශ්‍රී ලංකාව එකදු තරගයක් හෝ මේ දක්වා පරාජය වී නොමැත.  ටෙස්ට් තරග 05ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ.

කෙසේ නමුත් දෙරට අතර අවසන් වරට ටෙස්ට් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන්වී ඇත්තේ 1999 වසරේ දෙසැම්බර් (හරාරේහිදී) මසදීය. ඒ අනුව මෙම තරගය ශ්‍රී ලංකාවට ජය ගැනීමට නොහැකි වුවහොත් වසර 20කට පසු ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට අවස්ථාව හිමිවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්