නවතම පුවත්

අපේ ජයග්‍රහණයේ රහස ක්‍රීඩකයන්ට නිදහසයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු අප්‍රිකාව සමගින් නිමා වූ තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-0ක් ලෙස ජය ගත් අතර, එක්දින තරගාවලියට සහභාගි නොවන ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයන් හත්දෙනකු ඊයේ (25දා) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ සිටි අතර ක්‍රීඩකයන් පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ නව ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න,  

“එකමුතුකම නැතුව නොවෙයි. එකමුතුකම තිබුණා. ඔස්ට්‍රේලියානු තරගාවලිය එකම විදියට තමයි ගියේ. මෙහිදී අපි කළේ ක්‍රීඩකයන්ට නිදහස දුන්නා. විනෝද වෙන්න දුන්නා. මාස තුනක තරගාවලියකට ගියාම අපි විසි පස් දෙනා විතරයි ඉන්නේ. පුහුණුවීම් කරනවා. කාමරයට එනවා. එහෙම ඉන්න එක ක්‍රීඩකයන්ට මානසික පීඩනයක්.

මම හිතුවා ඔවුන්ට නිදහස දෙන්න. ඒක තමයි මේ වෙනස. පසුගිය කාලේ කණ්ඩායම ඇතුළේ නීති රීති පද්ධතියක් දාන්න සිදු වුණා. මම හිතනවා කණ්ඩායමට ගොඩක් නීති රීති අවශ්‍ය නෑ කියලා. නමුත් සමහර නීති තිබිය යුතුයි. අපි වෙන වෙන ප්‍රශ්න නිසා ඕනවට වඩා නීති දාගත්තා කියලා මම හිතනවා. මම ඒ නිදහස අරන් දුන්නා.

මම නායකත්වය බාර ගත්තට පසුව මුලින්ම උප නායක නිරෝෂන් දික්වැල්ල සමඟ කථා කරලා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තීරණය කළා. ඊට පෙර තරගාවලිවලදී ඇතිවූ තත්ත්වයන්ද අපි සැළකිල්ලට ගත්තා. ඉන්පසුව කණ්ඩායමේ සෙසු සියලුම දෙනා සමඟ කතා කරලා අපිට පහසුවෙන් කළ හැකි ආකාරය තීරණය කළා.

මට ඕන වෙලා තිබුණේ තරග ජයග්‍රහණය කරනවාට වඩා කණ්ඩායමේ එකමුතුව ඇති කරන්නයි. පොඩි පොඩි වෙනස්කම් කළා. කන්න බොන්න එකට ගියා. ඔක්කොම එකට හිටියා. ඒ සමඟම විශ්වාසය වැඩි වුණා. කණ්ඩායමක් ක්‍රීඩා කරන විට සියලු දෙනාම එක දිශාවකට යන්න ඕනේ. දෙන්නෙක් තුන් දෙනෙක් වෙන පැත්තකට ගියාම වැඩේ හරියට කරන්න බෑ.

එක එක්කෙනාට එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. කුසල්ගේ ප්‍රකාශය මොනවා සම්බන්ධයෙන්ද කරන්නේ කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ. ඔහුගෙන් තමයි අහන්න ඕනේ ක්‍රිකට් ආයතනයට කියන්න හදන්නේ මොනවද කියලා. එහිදී අපි කථා කරන්න හදන්නේ වෙන දෙයක්.

නමුත් ආවේ වෙන දෙයක්. මම ඔහුගේ පෞද්ගලික ප්‍රශ්න ගැන දන්නේ නෑ. ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක් නොවෙයි. ඩ්‍රෙසින් රූම් එක පෞද්ගලික තැනක්. කණ්ඩායමේ ඇතුළේ තියෙන්න ඕන දෙයක් එළියට ගිය එක ගැන මම ඇත්තටම කණගාටු වෙනවා. අපි තරගාවලි තුනක පරාජයකින් පසුව තමයි තරගාවලියක් ජය ලැබුවේ.

මම නායකයා ලෙස කටයුතු කළ පළමු තරගාවලිය වීම නිසා මට විශේෂයක් තියෙනවා. මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වුණා නවක ක්‍රීඩකයන් හැකියාවන් පෙන්වීම. ලසිත් ඇඹුල්දෙණිය, ඕෂධ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත දස්කම් දැක්වුවා.

මේක සමස්ත කණ්ඩායමම ලැබූ ජයග්‍රහණයක්. ක්‍රීඩකයන් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කිරීම තමයි මෙහිදී වෙනස වුණේ. ඒක තමයි ජයග්‍රහණයට ලොකුම හේතුව. කුසල් ජනිත්ගේ ඉනිම පළමු තරගය ජය ගන්න වඩාත් බලපෑවා. ඇඹුල්දෙණියගේ පන්දු යැවීමත් එහිදී මතක් කළ යුතුයි.

දෙවැනි තරගයේදී සුරංග, විශ්ව, කසුන් යන වේගපන්දු යවන්නන්ගේ පන්දු යැවීම තුළ අපි තරගයේ රැදී සිටියා. ඉදිරි තරගාවලිවලත් කණ්ඩායම එකතුව තියාගෙන ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි වැඩිදුරටත් පවසා සිටියේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි