නවතම පුවත්

යුධ හමුදාව චීනයේ සිට පැමිණි සිසුන් උපරිම පහසුකම් යටතේ රැකබලා ගන්නවා – ඒක වගකීම යුධ හමුදාපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයිනට රැගෙන ආ චීනයේ වුහෑන් හි රැඳී සිටි ශ්‍රි ලාංකික සිසුන් පිරිස දියතලාව විශේෂ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබේ.  චීනයේ වුහෑන් හි රැඳී සිටි ශ්‍රි ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා මෙරටින් පිටත්ව ගිය ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1423 දරන විශේෂ ගුවන්යානය අද (01) පෙරවරු 07.45ට මත්තල ගුවන් තොටුපල වෙත පැමිණියේය.

එහිදී එම සිසුන් පිරිස විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව වෛද්‍ය පරීක්ෂණය අවසන් වීමෙන් පසු මෙම සිසුන් 33දෙනා දියතලාව යුද හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටි විශේෂ මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා.

මෙම සිසුන් සති දෙකක කාලයක් එහි රඳවා තැබීමට නියමිත අතර මෙම විශේෂ මධ්‍යස්ථානයේ සියලු පහසුකම්කම් සහිත වෙනමම කාමර ඉදිකිරිමට යුද හමුදාවපැය 48ක් වැනි කෙටි කාලයක් තුළ පියවර ගනු ලැබුවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ චීනයේ වුහෑන් හි සිට පැමිණි ශ්‍රි ලාංකික සිසුන්ව යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් පරික්ෂණයකට ලක් කර ඔවුන්ට අවශ්‍ය රෙදිපිලි ලබා දීමෙන් පසු දියතගාව කඳවුර වෙත පිටත් කල බවයි.

එමෙන්ම දියතලාවේ පිහිටි වට්ටු සංකීර්ණයේ සෑම සිසුවෙකුටම අවශ්‍ය පරිදි පහසුකම් සලසා ඇති බවත් ඔවුන් සිටින කාමරයටම අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු යොදා ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. සිසුන්ට අවශ්‍ය වයිෆයි පහසුකම්ද රෙදි සේදීමට අවශ්‍ය රෙදි සෝදන යන්ත්‍ර පවා ඔවුන්ට ලබා දී ඇති බවත් හමුදාපතිවරයා ප්‍රකාශ කලා

අද දින නිදහස් උත්සවයේ පෙරරහුරුවලට එක්ව සිටි මොහෝතේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා වැඩිදුරත් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා යුද හමුදාවට හැකි උපරිමයෙන් එම සිසුන් රැකබලා ගැනීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ සාමාජිකයින් මෙවන් ජීව විද්‍යාත්මක හෝ රසායනික හදිසි අවස්ථාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පූර්ණ සුදුසුකම් ලබා ඇති හෙයින් ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ එම සිසුන් දින 14 ක නිරෝධායන සැපයීම සඳහා දියතලාව යුද්ධ හමුදා මූලික රෝහල වෙත රැගෙන යනු ලැබිණි.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් සිකුරාදා (31) දින සන්ද්‍යාව වන විට එම සිසුන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකිරීමට අවශ්‍ය සනීපාරක්‍ෂක පහසුකම් සහිත වර්ග අඩි 100 x 20 ප්‍රමාණයකින් යුත් නව ගොඩනැගිලි දෙකක ඉදිකිරීම් කටයුතු නිම කළ අතර එහිදී, වෛද්‍ය උපදේශකයින්, වසංගත රෝග විද්‍යාඥයින් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අවම වශයෙන් දින 14 ක පුර්ව නිරෝධායන කටයුතු වල නියැලීමෙන් අනතුරුව ඔවුන් මුදාහැරීමට නියමිතය.

දියතලාව යුද්ධ හමුදා රෝහල තුළ නිරෝධායන ලබාගන්නා කාලය තුළ එම සිසුන් වෙත ආහාර පාන, සනීපාරක්‍ෂක අවශ්‍යතා ඇතුළු අනෙකුත් සියළු පහසුකම් වැනි දෛනික අවශ්‍යතා ඔවුන්ට සැපයීමට යුද්ධ හමුදාව කටයුතු කරනු ලබයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි