නවතම පුවත්

මහකන්නයේ දී ආණ්ඩුව තෙත වී මිලදී ගනී

අසංක

අසංක

මහ කන්න‍යේදී වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝව රු.50 ක අවමයකට මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර මෙවර තෙත වී ද රජය මිලදී ගැනීමට කටයුතු යොදා තිබේ.

මෙහි විශේෂත්වය වනුයේ,ගොවියාට විශේෂ වරප්‍රසාදයක් හැටියට ප්‍රථම වරට තෙතමනය සහිත වී රජය විසින් මිලට ගැනීමයි.

මීට ප්‍රථම කන්න වලදී රජය මඟින් මිලදී ගනු ලැබුවේ තෙතමනය 14% ක් හෝ ඊට වඩා තෙතමනය අඩු වී පමණී.

මෙවර උපරිම තෙතමනය 22% දක්වා ප්‍රමිතියෙන් යුතු වී මිලදී ගන්නා බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය.


පසුගිය වසර වල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රු.38 කට හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රු.41 කට මිලදී ගත් අතර මෙවර සියළුම වර්ගයේ වී සඳහා ඉහල මිලක් ලබාදෙමින් කිලෝ ග්‍රෑම් එකක් රු.50 රජය විසින් මිලදී ගනු ලැබේ.

ගොවීන්ට වඩාත් පහසුවෙන් වී රජය වෙත ලබාදීම සඳහා පහත ආකාර දෙකට වී මිලදී ගැනීම සිදු කරනු ලැබේ.


(අ) වී අලෙවි මණ්ඩලය හරහා උපරිම තෙතමනය 14% කින් යුතු ප්‍රමිතියෙන් යුත් වී මිලට ගන්නා අතර එම වී සඳහා කිලෝ ග්‍රෑම් එකකට රු.50 ක් ගොවීන්ට ලබා දෙනු ඇත.


(ආ) දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීම යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති හරහා ප්‍රථම වරට තෙතමනය සහිත වී රජය විසින් මිලදී ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව තෙතමනය 14% ඉක්මවන උපරිම තෙතමනය 22% නොඉක්ම වු වී කිලෝ ග්‍රෑම් එකක් රු.44 කට මිලදී ගැනීමට කටයුතු කර ඇත.එසේම,මෙම ක්‍රියාමාර්ගය තුල තෙතමනය 14% ක් වු නිසි ප්‍රමිතියෙන් යුත් වී කිලෝ ග්‍රෑම් එකක් රු.50 කටද මිලදී ගනු ලැබේ.


එක් ගොවියෙකුගෙන් වගා කර ඇති භූමි ප්‍රමාණය අනුව මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය පහත දැක්වේ.

වගා කර ඇති භූමි ප්‍රමාණය සහ මිලදී ගන්නා උපරිම වී ප්‍රමාණය(කිලෝ ග්‍රෑම්)

අක්කර 1 දක්වා     1,000 kg

අක්කර 1 - 3 දක්වා 3,000 kg

අක්කර 1 - 5 දක්වා 5,000 kg

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ආරම්භක පියවර සඳහා රු.මි 3,830 ක බැංකු අරමුදල් මේ වන විටත් වී අලෙවි මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සැපයීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන ඇත.


එමෙන්ම,රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා,ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හා අනෙකුත් රාජ්‍ය ආයතන සතු ගබඩා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතු ගබඩා පහසුකම් ද සුදානම් කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි