නවතම පුවත්

වසන්ත කරන්නාගොඩ අත්අංඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් ඉල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රහස් පොලීසිය විසින් තමන් අත්අංඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ‍ශ්‍රේඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති , රහස් පොලිසියේ අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් නම්කර තිබේ.

පෙත්සම්කරු සිය පෙත්සමේ මෙසේ සදහන්කර තිබේ තමා ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයෙක් බවත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයෙකු ඇතුළු පිරිසක් විසින් තරුණයන් පිරිසක් පැහැරගත් බවත් 2009 මැයි 10 වන දින තමන්ට දැන්ගන්න ලැබුණු බවත් ඒ පිළිබද පරික්ෂණ පවත්වන ලෙස නාවික හමුදා පොලිස් ප්‍රධානියාට තමන් උපදෙස් ලබාදුන් බවයි.

තත්වය එසේ තිබියදී 2010 සැතැම්බර් 13 වන දින ලුතිනන් කමාන්ඩර් වෙලගෙදර නැමති නිළධාරියා තමා ඇතුළු නිළධාරීන් කීපදෙනෙකුට එරෙහිව සාවද්‍ය තොරතුරු සහිතව රහස් පොලිසිය වෙත පැමිණිලි කරන ලද බව පෙත්සම්කරු දන්වා සිටි.

තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ සමීපතම අයකු බැවින් රහස් පොලිසිය මේ පිළිබදව දැඩි උනන්දුවක් දක්වා තමන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින බව පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතා සිය පෙත්සමින් දන්වා සිටි.

ඉෂාර රත්නකාර

2007 යාපනයේ ආරක්ෂක තත්ව පරික්ෂාවක
2006 ඔක්තොම්බර් මාසයේ ත්‍රීකුණාමල වරායේ ආරක්ෂ තත්වය නිරික්ෂණය කරමින්


wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?