නවතම පුවත්

අත්අඩංගුවට ගත් විශාලතම කුඩු තොගයට අංගොඩ ලොක්කාගේ සම්බන්ධයක්

අසංක

අසංක

බණ්ඩාරගමින් අල්ලාගත් මෙම වසරේ විශාලතම හෙරොයින් තොගයට ඉන්දියාවේ සැගවී සිටින අංගොඩ ලොක්කාගේ සම්බන්ධයක් ඇති බවද අනාවරණය වෙමින් තිබේ.

මෙම හෙරොයින් තොගයේ මෙරට මෙහෙයවන්නා ලෙස කටයුතු කර ඇත්තේ මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙක් වන කැළුම් ඉන්දික නොහොත් කැවුමා නැමැත්තාය.

මධුෂ්ගේ මෙහෙයැවීමෙන් සිදුවුණු ඇරුවල රුපියල් කෝටි 500 ක් වටිනා දියමන්ති කොල්ලයකට මේ වන විට බන්ධනාගාරගතව සිටින ඔහු මත්කුඩු ජාවාරම මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරයේ සිට බවද අනාවරණය වී තිබේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට නිදහසේ ජංගම දුරකතන භාවිතා කරමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන කැළුම් මේ වන විට මධුෂ්ගේ මත්කුඩු ජාලය මුළු මනින්ම මෙහෙයවන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අනාවරණයකරගෙන තිබේ.

බණ්ඩාරගම මත්කුඩු ජාවාරම හෙළිකර ගැනීමට නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා යටතේ ක්‍රියාත්මක වන විශේෂ පොලිස් කණ්ඩායමට තොරතුරු ලැබී ඇත්තේද ඩුබායි වලින් බවද අනාවරණය වී ඇත.

ඩුබායි හී රැදී සිටිමින් පොලීසියට ඔත්තුව දුන් අයට ඒ ගැන තොරතුරු ලැබී ඇත්තේ කොළඹ රිමාණ්ඩ් බන්ධනාගාරයෙන් බවද අනාවරණය වී තිබේ.

බණ්ඩාරවෙලින් අල්ලාගත් මත්කුඩු තොගය මෙරටට එවා ඇත්තේ මාසයකට පෙර බවද එම මත්කුඩු තොගය ඇසුරුම්කර ඇත්තේ නොවැම්බර් 17 වෙනිදා බවද හෙළිවී ඇත.

ඉරාන් ජාතිකයන් පිරිසක් විසින් කුඩා නෞකාවකින් එම හෙරොයින් තොගය පකිස්තානයෙන් පටවාගෙන අන්තර් ජාතික මුහුදු තීරයට රැගෙන විත් ඇති බවත් මීගමුවේ බහුදින යාත්‍රාවකට එම මත්කුඩු තොගය දකුණු මුහුදු තීරයට ආසන්නයේ පටවා ඇති බවත් අනාවරණය වී තිබේ.

එම මත්කුඩු තොගය ගොඩබා ඇත්තේ මීරිස්සේදී බවත් එය ලොරි රථයක පටවාගෙන අධීවේගී මාර්ගය ඔස්සේ බණ්ඩාරගමට රැගෙන විත් ඇති බවත් අනාවරණය වී ඇත.

බණ්ඩාරගම කුළි නිවසේ එම මත්කුඩු ගබඩාකර තබන මොහොතේ මත්කුඩු කිලෝ 10 ක් එම මත්කුඩු එහි රැගෙන පැමිණි පුද්ගලයින් විසින් රැගෙන ගොස් ඇතැයිද අනාවරණය වී තිබේ.

මෙම මත්කුඩු ජාලය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබී ඇත.

බන්ධනාගාරය කේන්ද්‍රකර ගනිමින් සිදුවන මත්කුඩු ජවාරමේ මෙතෙක් හෙළි නොවූ බොහෝ තොරතුරු ඒ අතර වෙතැයිද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරු අනාවරණය කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි