නවතම පුවත්

ICC ය ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡාවකට සූදානම් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරි වසර අටක කාලය තුළ සංවිධානය කරන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සහ සෙසු ක්‍රිකට් තරගාවලිවල සත්කාරත්වය ලබාදීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම්ව සිටින බව වාර්තා වේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව 2024 වසරේ සිට 2031 වසර දක්වා වන වසර අට තුළ සංවිධානය කරන තරගාවලිවල සත්කාරත්වය සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාවට ද අවස්ථාව හිමිව තිබේ.

මෙම වසර අට තුළ පිරිමි, කාන්තා සහ වයස 19 න් පහළ තරගාවලි අට බැගින් තරගාවලි 24 ක් පැවැත්වේ. මෙම තරගාවලිවලට එක්දින සහ විස්සයි20 ලෝක පිරිමි සහ කාන්තා ලෝක කුසලාන තරගාවලි ද ඇතුළත් වේ.   

ශ්‍රී ලංකාවට සත්කාරත්වය ලැබුණ හොත් රජයෙන් ඒ සඳහා ලැබෙන බදු සහන ආදී පහසුකම් පිළිබඳව සාකච්ඡා කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව සූදානමින් සිටියි. ඒ සඳහා වර්තමාන රජයේ ප්‍රධානියකුගේ ආරාධනාව ලැබෙන තුරු අන්තර්ජාතික ක්‍රිකට් සභාව බලාසිටින බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.  අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරීන් මේ වන විටත් තරගාවලිවල සත්කාරත්වය පිළිබඳව මැලේසියාවේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බව ද දැනගන්නට තිබේ.

ටෙස්ට් තත්ත්වය නොලැබූ රටක් වන මැලේසියානු ක්‍රිකට් ආයතනය සහ එහි රජය තරගාවලිවල සත්කාරත්වය ලබාගැනීමට වැඩි උනන්දුවකින් පසු වන බව වාර්තා වේ. මැලේසියාව වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියක සත්කාරත්වය ලබාගැනීමට වඩාත් කැමැත්තෙන් පසුවන බවත් දැනගන්නට තිබේ.

වසර 2011 එක්දින ලෝක කුසලාන තරගාවලිය මෙන්ම 2012 වසරේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියද ශ්‍රී ලංකාවේදී පැවැත්විණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි