නවතම පුවත්

“ජනතාවට සැබෑ නිදහස ලබාදිය හැක්කේ සමාජ-ආර්ථික උවදුරු දුරලීමෙනි”- ජනපති නිදහස් සමරුව අමතමින් කියයි

අසංක

අසංක

“ජනතාවට සැබෑ නිදහස ලබාදිය හැක්කේ ආර්ථීක ආර්ථික සහ සමාජ විෂමතා අවම කිරීමෙනි. අප ජනතාව අතර අද විශාල ඇති නැති පරතරයක් තිබෙනවා. විෂමතා බොහොමයක් වාර්ගික ප්‍රශ්න නොවේ. ජනතාවට නිදහසක් නැති උවදුරු අවම කිරීම තුළින් ජනතාවට නිදහස ලබා දිය හැකියි. “ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන 72 වැනි නිදහස් සමරුවේදී ජාතිය ආමන්ත්‍රණය කරමිනි.

“මෙම නිදහස ලබාගැනීමට සහ ආරක්ෂා කිරීමට කැපවූ කැප වූ සියලුම ජාතීන් ජාතීන්ට අයත් නායකයන් වෙත මාගේ ගෞරවය පුද කරමි. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේදී බල තුලනය ඉතා වැදගත් දෙයක්. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය අතර වූ බල තුලනය ඉතා වැදගත් දෙයක්. මගේ ධූර කාලය තුළ රටේ සුබසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැප වී කටයුතු කරන්නට කරගන්නට මම ඉදිරිපත් වෙනවා. එක් ජන කොටසකට සේවය කරන නායකයෙකු නොව, සියලුම ජනතාවට සේවය කරන ජනාධිපතිවරයෙකු වීම මගේ දැක්මයි. රටක ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය පිළිබඳ කුමන ආකාරයකින් හෝ ජනතාව තුළ ඇති ගෞරවයට හානි වන්නේ නම් එය රටක අරාජිකත්වයට හේතුවේ.

කාලයක් තිස්සේ රාජ්‍ය පාලනය විකාශය වූ ආකාරය නිසා ජනතාවගේ නිදහස සීමා වී තිබේ. නිසි අධ්‍යනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීතිරීති නිසා ජනතාව විශාල ප්‍රශ්න රැසකට මුහුණ දී තිබෙනවා. ඒ හරහා විවිධ අක්‍රමිකතා දුෂණ වරටත් මඟ පෑදී තිබෙනවා. වැරදි කරන සුළුතරය මත නීතිය ක්‍රියාත්මක කරනවා විනා බහුතරයට සීමා පැනවීම වැරදියි. සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි. යල්පැනගිය නීති රීති රෙගුලාසි හා බදු කඩිනමින් සංශෝධනය කරනවා. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා ඔවුන් මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට අප කටයුතු කරනවා. ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස මා තහවුරු කරනවා.

තවදුරටත් කාලය අපතේ හරින්නට බැහැ. අප රටේ භූගෝලිය පිහිටීම ජාත්‍යන්තරයේ නව ආර්ථික ප්‍රවණතාවන්ට අනුව ගෙන යා යුතු වෙනවා. අපරාධකරුවන් නිසා සාමාන්‍ය ඇති විදියට බාධා කරනවා නම් එතන නිදහසක් නෑ. ත්‍රස්තවාදය පතුරන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක්‍රියාත්මක වීමට අප ඉඩ දෙන්නේ නැහැ. ආයතනවල දූෂණ වංචා තිබෙනතුරු මහජනතාවටත් නිදහසක් නෑ.

කීමට හා ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන්ම මම තහවුරු කරනවා. විරුද්ධ මතයන් ඉවසන්නට නිදහස් අදහස් ප්‍රචාරය කිරීමේ අයිතිය අප ලබාදී තිබෙනවා. රජයේ වැරදි මගක යනවා යැයි ඔබේ හෘද සාක්ෂියට හැඟුණ සෑම මොහොතකම ඒ නොබියව එය පෙන්වා දෙන්න. අපට අභියෝග රැසක් ඉදිරියේ තිබෙනවා. ඒවා ජය ගන්න ජනතා ඔබ සැමගේ සහාය අවශ්‍යයි. ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ මේ වගකීම ඉටු කිරීමට එක්වන මෙන් ඔබ සැමට ආරාධනා කරනවා.” යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?