Express Gossipවිදෙස්

Share now!

බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට ගමන් කළ ගුවන් යානයක් පැහැරගැනීමට තැත්කළ තැනැත්තා අත තිබී ඇත්තේ සෙල්ලම් පිස්තෝලයක් බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම යානය චිතගොං ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකළ අවස්ථාවේදී යානයේ කාර්ය මණ්ඩලය ප්‍රාණ ඇපයට ගනිමින් යානය පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ 25 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයා විශේෂ බලකා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය.

බිර්මාන් ගුවන් සේවයට අයත් බී.ජී.147 යානය පැහැර ගැනීමට මොහු කටයුතු කළ අවස්ථාවේදී යානයේ 148 දෙනෙකු ගමන් කරමින් සිටියහ.

එමෙන්ම, මොහොමඩ් පලේෂ් අහ්මඩ් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මානසික රෝගියෙකු බවත්, ඔහු අගමැතිනිය සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පවසා ඇති බවත් පසුව බලධාරීන් පවසා සිටියේය.

789 Comments