නවතම පුවත්

ඉන්දියන් ගුවන් හමුදාව පකිස්ථානයට එරෙහිව ප්‍රහාර අරඹයි (PHOTO, VIDEO)

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාකිස්ථානය සහ ඉන්දියාව අතර යුධ ගිණි අවුලමින් පාකිස්ථානයේ ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට ඉන්දීය හමුදාව ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද අලුයම 3.30 ට පමණ මිරාජ් ටූ තවුසන්ඩ් ප්‍රහාරක ජෙට් යානා 12 ක් යොදාගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. එසේම මෙම ප්‍රහාර වලින් 300 ට අධික පිරිසක් මිය යන්නට ඇතැයි විශ්වාස කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම ප්‍රහාර එල්ල කළ ත්‍රස්ත කඳවුර ජයීෂ් ඒ මොහොමඩ් (Jaish-e-Mohammed – JeM) නමැති ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීන් පුහුණු කිරීමේ කඳවුරක් බවයි සඳහන් වන්නේ.

මේ අතර පකිස්ථාන හමුදාවේ මේජර් ජෙනරාල් අසීෆ් ඝාෆූර් (Asif Ghafoor) ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් සඳහන් කර තිබුනේ ඉන්දීය ගුවන් හමුදාව සිය දේශසීමාව උල්ලංඝනය කිරීම හමුවේ තම ගුවන් හමුදාව ද කඩිනමින් සිය ප්‍රහාරක ජෙට් යානා පිටත්කර යැවූ බවයි. කෙසේ වෙතත් ඒ වන විට ඉන්දීය ගුවන් යානා ආපසු පිටත්ව ගොස් ඇති බවයි ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

YouTube player

h

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි