නවතම පුවත්

අනියම් බිරිඳ මැරූ දඬුවමින් ගැලවෙන්න ඝාතනයක් කර ඉන්දියාවට පලායද්දී අයෙක් අත්අඩංගුවට

අසංක

අසංක

මිනීමැරුම් නඩුවක තීන්දුවෙන් ගැලවීම සඳහා රහසිගතව ඉන්දියාවට පලායාමින් සිටි පුද්ගලයකු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් දීර්ඝ වශයෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී හෙළිවී ඇත්තේ ලබන 10 වැනිදා මෙම සැකකරුට ඔහුගේ අනියම් බිරිඳක් ඝාතනය කළ බවට ලැබෙන දඬුවමින් ගැලවීම සඳහා වෙනත් ඝාතනයක් කර පලායාමට උත්සාහ කළ බවය.

ත්‍රිකුණාමලය තබලගමුව ප්‍රදේශයේ දී පසුගිය සතියේ ලොරි රථයක් ගිනිගෙන විනාශ වී තිබූ අතර එම ස්ථානයේ තිබී හඳුනාගත නොහැකි තරම් පිළිස්සුනු මළසිරුරක් ද හමුවී තිබිණි.

මළ සිරුර තිබූ ස්ථානයෙන් හමු වූ හැඳුනුම්පත කේ යෝගරාජා නමැති හතළිස් හත් හැවිරිදි පුද්ගලයෙකුගේ බවත් ඒ රියදුරා බවටත් අනුමාන කෙරිණි.

කෙසේ නමුත් මළ සිරුර හඳුනා ගත නොහැකි වීම හේතුවෙන් තියෙන්නේ පරීක්ෂාවක් සඳහා විමර්ශනයට යොදවා තිබූ අතර ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම පිළිස්සුණු මළ සිරුර සම්බන්ධයෙන් සියල්ල හෙළිකර තිබේ.

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරු මෙම යෝගරාජා නැමති නැමැති නමැත්තා වන අතර ඔහු විසි ඒ තමන් බව හඟවමින් ඝාතනය කර එලෙස පුළුස්සා දමා තිබුණේ අතරමගදී ලොරි රථයට බඳවාගත් සහායකයෙකි.

ඔහු ඝාතනය කර පුළුස්සා දැමීම තුළින් තමා මියගොස් ඇති බවට නීතිය හමුවේ ඒත්තු ගැන්වීමට ඒත්තුගැන්වීමට සැකකරුට අවශ්‍ය වී තිබූ බව රහස් පොලිස් ප්‍රෂ්න කිරීම හමුවේ පවසා තිබේ.

ඒ අනුව ලබන 10 වනදා මිනීමැරුම් නඩු තීන්දුවෙන් ගැලවීමටත් රහසේම ඉන්දියාවට පලාගොස් එහි ජීවත් වීමටත් තමා සිතූ බවද ඔහු පවසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්