නවතම පුවත්

අසාත් සාලිගේ දේශපාලන හයියෙන් පොලිසිය අසරණ වූ හැටි හෙළිවෙයි

අසංක

අසංක

මාවනැල්ලේ බුදු පිළිම හානි කිරීම් සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අසාද් සාලි මහතාගෙන් බලපෑම් එල්ලවුණු බවත් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිට්ටුවන්තව සිටිමින් දේශපාලන වශයෙන් බලවත්ව සිටි බැවින් ඔහුට එරෙහිව පොලීසියට කිසිවක් කරන්නට හැකියාවක් නොතිබුණු බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ අද (07) අනාවරණය කළේය.


බුදු පිළිමවලට හානි කිරීම් වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් වන සාහිඩ් සහ සාදික් නැමැති සහෝදරයන් දෙදෙනාව මවුලවිවරයෙක් හරහා භාරදෙන බවට අසාද් සාලි මහතා පොලීසියට පොරොන්දු වූවත් ඔහු එම සැකකරුවන් භාර නොදුන් බවද ඔහු සදහන් කළේය.

අනතුරුව ඔහු සැකකරුවන්ව භාරදීමක් ගැන තමා කථා නොකල බවත් සැකකරුවන්ගේ පියා වන මවුලවිවරයෙක් භාරදෙන බව පැවැසූ බවට ප්‍රකාශයක් ගැනීමට එවකට මාවනැල්ලේ සහකාර පොලිස් අධිකාරීවරයාට බලපෑම් කල බවද පාලිත සිරිවර්ධන මහතා පැවැසීය.

ඒ සම්බන්ධයෙන් සටහනක් තැබීමට හෝ පොලිස්පතිවරයාට දැනුම් දීමට පියවර නොගත්තේ ඇයිදැයි කොමිසම නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කළ විමසුමකදී ඔහු සදහන් කළේ එම වකවානුවේදී අසාද් සාලිට පැවැති දේශපාලන හයිය හේතුවෙන් එවන් පියවරක් ගැනීමට පොලිස් නිලධාරීන් මැලිකමක් දැක්වූ බවය.

ඔහු සම්බන්ධයෙන් නිසි පියවරක් ගත්තේ නම් එම නිලධාරීන් විවිධ හිරිහැර සහ පීඩාවන්ට ලක්වන බවද ඔහු පැවැසීය.

අසාද් සාලි යන පුද්ගලයාට පොලිස් කොස්තාපල්වරයෙක් වත් බියක් දක්වන්නේ නැති මුත් බියක් ඇත්තේ ඔහුට එවකට පැවැති දේශපාලන බලය නිසා බවද ඔහු කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

එවිට කොමිසම පාලිත සිරිවර්ධන මහතාගෙන් විමසා සිටියේ තමන් මේ සදහන් කරන්නේ මාවනැල්ලේ බුදු පිලිම විමර්ශනයේදී පොලීසිය දේශපාලන බලපෑමකට ලක්වූ බවක්දැයි කියාය.


ඊට ඔව් යැයි පිළිතුරු දෙමින් පාලිත සිරිවර්ධන මහතා සදහන් කරනු ලැබුවේ අසාද් සාලි මහතාට එරෙහිව පොලීසිය පියවර ගත්තේ නම් එම නිලධාරීන්ට යන එන මන් නොමැතිව දුක්ඛිත තත්වයකට පත්වීමට ඉඩ තිබුණු බවය.

තමාටත් එවැනි තත්වයන්ට පත්ව ඇති අයෙක් බැවින් අසාද් සාලි මහතාට එරෙහිව ක්‍රියාත්මක වන්නැයි නිලදාරීන්ට උපදෙස් දෙන්නට නොගිය බවද ඔහු සදහන් කළේය.


අසාද් සාලි මහතාට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බැවින් ඔහු සම්බන්ධයෙන් ඉදරියේදී මෙම කොමිසම වත් යම් පියවරක් ගනු ඇතැයි විශ්වාස කරන බවද පාලිත සිරිවර්ධන මහතා පැවැසීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි