නවතම පුවත්

නව කොරෝනා වෛරසයට නිල නාමයක් ලබා දෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව පුරා පැතිර ගිය සහ තවමත් පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසය ආශ්‍රිත රෝගයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල නාමයක් ලබාදී තාබෙනවා ඒ කොවිඞ් නයින්ටීන් (Covid-19) රෝගය ලෙසයි.

මෙලෙස කොරෝනා වෛරස් රෝගයට නිල නාමයක් ලබා දී ඇත්තේ ඒ පිළිබඳ පරීක්ෂණ කරන විද්‍යාඥයින් මීට පෙර කල ඉල්ලීම් සැකකිල්ලට ගෙනයි.

නව කොරෝනා වෛරසය හේතුවෙන් කිසියම් රටකට හෝ පුද්ගල කණ්ඩායමකට සිදුවිය හැකි අපකීර්තිය හා අපහසුතාවන් වලක්වා ගැනීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඞ් නයින්ටීන් නිල නාමය ලබා දී තිබෙනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 1,017ක්. පුද්ගලයින් 42,694 දෙනෙකුට වෛරසය ආසාධනය වී තිබෙනවා. පුද්ගලයින් 42,200 දෙනෙකුම චීන ජාතිකයින්. කෙසේ වෙතත් චීනය පවසන්නේ දෛනිකව වෛරසය ආසාධනය වන පිරිස මේ වන විට සියයට විස්සකින් පමණ පහළ ගොස් ඇති බවයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි