නවතම පුවත්

රිට්ස් කාල්ටන් හා මැරියට් ජාලයේ නවතම හෝටල් මිරිස්සේ හා මීගමුවේ

අසංක

අසංක

රිට්ස් කාල්ටන් හා ජේඩබ්ලිව් මැරියට් යන ලොව සුප්‍රසිද්ධම හා සුපිරිතම හෝටල් ජාලයන්ට අයත් සංචාරක නිකේතනයන් දෙකක් ශ්‍රී ලංකාවේ මිරස්ස හා මීගමුව ප්‍රදේශ වල පිහිටුවීමට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පියවර ගෙන ඇත.

ජේඩබ්ලිව් මැරියට් එළඹෙන 2021 වර්ෂයේ සිව්වන කාර්තුවේදී මීගමුව ප්‍රදේශයේ විවෘත කිරීමට නියමිත අතර තරු පහේ හෝටලයක් වන මෙය කාමර 500 කින් සමන්විතය.
එමෙන්ම, රිට්ස් කාල්ටන් එළඹෙන 2022 වර්ෂයේ තුන්වන කාර්තුවේදී මිරස්ස ප්‍රදේශයේ විවෘත කිරීමට නියමිතය. එහි කාමර 228 ඇත.

දිවයිනේ අලංකරණයට යළි අර්තකථනයක් ලබා දෙමින් එළිදැක්වීමට නියමිත මෙම හෝටල් සංකීර්ණ කඩා වැටුණු ආර්ථිකය හමුවේ මහත් ආයෝජනයක් රටට අත් කර දීමට සමත් වනු ඇතැයි ධම්මික පෙරේරා මහතා මාධ්‍ය වෙත පැවසීය .

සංචාරක කර්මාන්තය හා විවේක විනෝදාස්වාද ආදී ක්ෂේත්‍ර ඔස්සේ රට තුළට ආයෝජනයන් ගලා ඒමට මෙකී හෝටල් දාම ඉවහල් වනු ඇති බවද ඔහු පැවසීය .

ග්‍රීනර් වෝටර් ලිමිටඩ් හි සභාපතිධූරය දරන ධම්මික පෙරේරා සහ සමර් සීසන් ලිමිටඩ් හි සභාපති මොහාන් පණ්ඩිතගේ යන මහත්වරුන් විසින් මීට අදාළ අවබෝධතා ගිවිසුම් දෙකකට පසුගියදා අත්සන් තැබිණ .

මෙම අවස්ථාවට මැරියට් ඉන්ටර්නැෂනල් හි කලාපීය ව්‍යාපාර සංවර්ධන උප සභාපති කිරාන් ඇන්ඩිකොට් සහ හේලීස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ සහ හේලීස් ලෙෂර් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් කාර් යන මහත්වරු සහභාගී වූහ.

ධම්මික පෙරේරා මහතා මැරියට් ඉන්ටර්නැෂනල් හි ආසියා පැසිෆික් (චීනය හැර) සභාපති රජීව් මෙනන් මහතා සමඟ අවබෝධතා ගිවිසුමට එළඹි අතර, හේලීස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක මිරිස්ස ඉදිකෙරුණු රිට්ස් කාල්ටන් හෝටලය සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී