නවතම පුවත්

නොපසුබට උත්සාහයෙන් පොලිස් ඉතිහාසයට අලුත් වාර්තාවක් එක් කළ නිලධාරියෙක්

අසංක

අසංක

පොලිස් ඉතිහාසයට නව වාර්තාවක් එක් කරමින් පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිසියට එක්වුණු නිලධාරියෙක් නිලධාරියෙක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීම් ලබා තිබේ.

මෙසේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලබා ඇත්තේ ප්‍රියන්ත වීරසූරිය මහතා ය.

වීරසූරිය මහතා 1988 වසරේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක් වී ඇත.

භීෂණ සමය පැවති එකල ඔහු වසරක කාලයක් සාමාන්‍ය පොලිස් රාජකාරී කටයුතු කරමින් සිටියදී 89 වසරේ දී විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කර තිබේ.

1992 වසර වන තුරුම ඔහු සේවය කර ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ ය.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපලවලින් කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක් වූ ඒ මහතා උසස් පෙළ අධ්‍යාපනය ලබා විභාගයට මුහුණ දුන්නේ පොලිස් සේවයේ සිටියදී ය.

උසස් පෙළ ඉහළින්ම සමත් වෙන ඔහු 1992 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් ව ඇත.

අධ්‍යාපනය ලබන වකවානුවේ උප පොලිස් පරීක්ෂකවරයා පරීක්ෂකවරුන් බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණයට ඔහු අයදුම්පත් යොමු කර තිබුණි.

ඒ අනුව ඔහු උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස නැවත සේවයට බඳවාගෙන ඇත.

නීති පීඨයේ නීති උපාධිය ලබාගත් ඔහු ගත් ඔහු නීතිඥවරයෙකු ලෙසද දිවුරුම්දී තිබේ.

අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට ඔහු මුහුණ දී තිබුණි.

එම තරග විභාගයෙන් ඉහළින්ම සමත් වන ඒ මහතා 1999 වසරේදී නැවතත් සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිසියේ සේවයට එක්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සමග එක්ව නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යය ද ඔහු සේවය කර ඇත.

වීරසූරිය මහතාගේ වයස සහ මෙම උසස්වීම සැලකිල්ලට ගත් කල ගත්කල ඉදිරි වසර 15 තුළ පොලිස් පති ධුරයට පත් වීමේ අවකාශය ද තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්