නවතම පුවත්

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරට වරෙන්තු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහජනයාට හිරිහැර වන පරිදි සහ රථ වාහන වල ධාවනයට බාධා ඇති වන පරිදි කොළඹ බෞද්ධාලොක මාවතේ උද්ඝෝෂණයක් සංවිධානය කළැයි කියන  චෝදනා සම්බන්දයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුලු හත් දෙනෙකුට එරෙහි නඩුව අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයේදි කැදවනු ලැබුවා. 

එහිදී මෙම නඩුවේ සැකකරුවකු වන රාජ්‍ය අමාත්‍ය අධිකරණයේ පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසාමිල් යන අය මෙම නඩුවේ සැකකරුවන් ලෙසට නම් කර තිබෙනවා.

2016 වසරේ පෙබරවාරි මස 6 දා ජාතික නිදහස් පෙරමුණ පක්ෂය මගින් එක්ෂත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමිෂමේ සෙයිඩ් රාද් අල් හුසේන් කුමරුගෙ පැමිණීමට එරෙහිව මෙම පුද්ගලයින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. නිසි බලපත්‍ර රහිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මාර්ග වල රථ ධාවනයට බාදා පමුණුවමින් මෙය සංවිධානය කර ඇති බවට පොලිසිය චෝදනා කර සිටියි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි