නවතම පුවත්

අප්‍රිකාවේ පළඟැටි වසංගතය ලංකාවට ඒමේ අවදානමක්

අසංක

අසංක

අප්‍රිකානු කාන්තාර ආශ්‍රිතව මේ වනවිට ඉතා බරපතල ලෙස ව්‍යාප්තව ඇති පළඟැටි වසංගතය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් මතුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

මෙම කාන්තාර පළඟැටි අවදානම සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමුකර ඇති අතර එම ගොවීන්ද ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.


අප්‍රිකාවෙන් හමු වූ මෙම කාන්තාර පළඟැටියා මේ වනවිට ඉන්දියාව දක්වා ව්‍යාප්ත වී ඇති අතර සුළං මගින් ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවටද ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බලධාරීන් පවසයි.

ලක්ෂ ගණන්වලින් සමන්විත සමූහ ලෙස විශාල ගස් පවා විනාශ කිරීමට සමත් මෙම පළඟැටි විශේෂය ගස්වල ඵලදාව පමණක් නොව කොල හා පොතුද ආහාරයට ගනී.


විශාල රංචු ලෙස සිටින පළඟැටියන් පිළිබඳව වාර්තා වන්නේ නම් ඒ පිළිබඳව වහාම බලධාරීන් දැනුවත් කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලා සිටි.

මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අද (17) සිට ආරම්භ කිරීමට ද එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත .

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?