නවතම පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇ.ඩො මිලියන 50 ක ණයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇප කර නැවත නිකුත් කෙරේ.

ලංකා බැංකුවට හා මහජන බැංකුවට මෙම ණය ඇප කර ලිපි නැවත නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය සුරක්ෂණය සදහා මහා භාණ්ඩාගාරයේ ඇමති මණ්ඩල අනුමැතිය ඇතිව ණය ඇප කර ලිපි 08 හා භාණ්ඩාගාර ඇප කර 02 නිකුත් කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකන් සමාගම ලබා ගෙන ඇති ඇමෙරිකානු ඩොලර් ණය පහසුකම් වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 205.38කි. ශ්‍රී ලංකා රුපියල් ණය පහසුකම්වල මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 27.60 කි.  රාජ්‍ය බැංකු හරහා ලබා ගත් මෙම ණය පහසුකම් වලට අමතරව 2024 ජුනි මාසයේ දී ආපසු ගෙවිය යුතු වසර 05ක ජාත්‍යන්තර බැදුම්කරයක් මාර්ගයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක අරමුදලක් සම්පාදනය කිරීම සදහා වු ඇප සහතිකයක් ද ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලයේ දී නිකුත් කර ඇත. ලංකා බැංකුව හා මහජන බැංකුව විසින් ලබා ගත් මෙම ණය පහසුකම් ලබාගෙන ඇත්තේ කෙටිකාලීන හා ප්‍රාග්ධනීකෘත පොළී පහසුකම් ලෙසය.

ජාතික ගුවන් සේවයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පසුගිය කොරොනා සිදුවීමෙන් ද තහවුරු වූ බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග මහතා ජාතික ආයතන සුරක්ෂිත කිරීමේ රජයේ ප්‍රතිපත්තිය මත මෙම ණය ඇප කර නැවත නිකුත් කිරීමට රජය තීරණය කළ බව ද කියා සිටියේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි