නවතම පුවත්

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ ඉන්න ලාංකිකයන්ට කොරෝනා නෑ

අසංක

අසංක

කොරෝනා අසාදිතයින් රැසක් මේ වනවිට වාර්තා වී තිබෙන “ඩයමන්ඩ් ප්‍රින්සස් ” ජපාන නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට එම රෝගය අසාදනය වී නොමැති බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
එම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත්, ඔවුන් ශ්‍රී ලංකාවේ සිටින තම ඥාතීන් සමඟ නිරන්තරයෙන්ම කතා බහ කරන බවට තානාපති කාර්යාලය දන්වා තිබෙන බවත් එම අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඒ අනුව එම ලාංකිකයින් දෙදෙනාගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව අයත් මුහුදු සංචාරක සමාගම සමඟ සමීපව කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙම මුහුදු සංචාරක නෞකාවේ සිටින පිරිස අතරෙන් දැනට 454 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මේ වනවිට වාර්තාවී ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි