නවතම පුවත්

සේරුවිල කල්ලාරු රක්ෂිතයේ තිබූ අනුරාධපුර යුගයට අයත් දා ගැබක පුරාවස්තු ඩෝසර් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

සේරුවිල කල්ලාරු ත්‍රිකෝණමඩු රක්ෂිතයේ පංසල් කන්ද ලෙස හදුන්වන පුරාවිද්‍යා භුමියේ පිහිටි අනුරාධපුර මැද යුගයට අයත් දා ගැබක කොටසක් හා එහි තිබු පුරාවිද්‍යා ස්මාරක රැසක් බිම් බෝම්බ ඉවත් කිරිමේ කටයුතු සිදුකරන ආයතනයක් විසින් ඩෝසර් කර දමා තිබේ.

මේ වනවිට කල්ලාරු රක්ෂිතයේ බිම් බෝම්බ ඉවත් කිරිමේ කටයුතු සිදු කරන මැග් නැමැති ආයතනයේ සේවකයන් විසින් මෙම විනාශය කර ඇති බව වාර්තාවේ. ඩෝසර් කිරිම නිසා එම ස්ථානයේ තිබු පැරණි ගල් කණු, සිරිපතුල් ගල්, පෙති උළු පියගැට පෙල, පැරණි ගඩොලු , කොරවක් ගල් හා කැටයම් සහිත සදකඩපහණ යන පුරා වස්තු තැන තැන විසිර ගොස් ඇති බවත් මෙම පුරාවිද්‍යා ස්ථානයේ අනුරාධපුර මැද යුගයට අයත් දා ගැබක් හා ඉපැරණි ගොඩනැගිලි හා තවත් පුරාවස්තු රැසක නටඹුන් දක්නට ලැබෙන බව ඒ සම්බන්ධව කල විමසුමකදි පුරාවිද්‍යා නිලධාරිහු පැවැසුහ.

මේ සම්බන්ධව ප්‍රදේශවාසින් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරිමෙන් පසු ත්‍රිකුණාමලය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරිහු එම ස්ථානයේ ක්ෂේත්‍ර පරික්ෂාවක් කර පුරා වස්තු විනාශ කිරිම සම්බන්ධව සේරුනුවර පොලිසියට පැමිණිලි කරනු ලැබිය.

බිම් බෝම්බ ඉවත් කිරිමේ කටයුතු වල නියැලි සිටින මෙකි ආයතනය රක්ෂිතයේ විශාල භූමි ප්‍රමානයක් ‍ඩෝසර් කර ඇති අතර ඒ සමගම පුරාවස්තු පිහිටි පංසල් කන්ද පුරාවිද්‍යා ස්ථානයද ‍ඩෝසර් කර දමා තිබේ. බිම් බෝම්බ ඉවත් කිරිමේ කටයුතු වල පහසුව සදහා මෙසේ ඩෝසර් කල බව ඔවුන් පවසා ඇතත් එසේ කිරිමට පෙර ඒ සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ අදාල අනෙකුත් රාජයේ ආයතන කිසිවක් හෝ දැනුවත් කිරිමටද මොවුන් කටයුතු කර නැති බව වාර්ථාවේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි