නවතම පුවත්

UFO වෙතින් අලුත්ම ව්‍යායාම වැඩසටහන් මාලාවක්

අසංක

අසංක

ජනතාවගේ විවිධ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකස් කල නවතම ව්‍යායාම වැඩසටහන් මාලාවක් යූ එෆ් ඕ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානය (UFO PERSONAL TRAINING STUDIO ) විසින් හඳුන්වාදී ඇත.

ශරීරයේ බර අඩුකිරීම , ශක්තිය වර්ධනය කිරීම , නම්‍යශීලීතාවය ඉහල නැංවීම , මෙන්ම සමබර හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනැංවීම මෙම වැඩසටහන් මාලාවේ අරමුණ වී ඇත.

සෞඛ්‍ය සම්පන්න , නිරෝගී ජනතාවක් බිහිකිරීම තම බලාපොරොත්තුව වන බවත් ඒ සඳහා උසස්ම හැකියාවන් හා අත්දැකීම් ඇති පුහුණුකරුවන්ගේ සහය ලබාගන්න බවත් බොරැල්ල කින්සි පාරේ පිහිටි මෙම යූ එෆ් ඕ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයේ නිර්මාතෘ හිමාල් අලහකෝන් මහතා මාධ්‍ය වෙත පසුගියදා පැවසීය .

අලහකෝන් මහතා මේ බව පැවසුවේ යු එෆ් ඕ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයට දෙවසරක් පිරීම නිමිත්තෙන් පසුගියදා පවතී විශේෂ උත්සවයේදීය .

විවිධ වයස් කාණ්ඩවලට අයත්වූවන්ට සරිලන ව්‍යායාම වැඩසටහන් මෙන්ම කාන්තාවන්ට , විවිධ වෘත්තිකයින්ට , ක්‍රීඩකයින්ට ළමුන්ට ගැලපෙන පරිදි මෙම ව්‍යායාම වැඩසටහන් සකසා ඇති බවද අලහකෝන් මහතා මෙහිදී පැවසීය .

සෞඛ්‍ය ක්ෂේත්‍රය , පිළිබඳව මෙන්ම ශාරීරික යෝග්‍යතාව පිළිබඳවද ඉහලම අත්දැකීම් සහිත පුහුණුකරුවන් මෙන්ම , ඇති නවීන උපකරනවලින්ද සමන්විත මෙම ව්‍යායාම මධ්‍යස්ථානය තම ශාරීරික සෞඛ්‍ය නන්වාගනීමටද විශාල රුකුලක් වූ බව , මෙම මධ්‍යස්ථානයේ සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන ප්‍රවීණ හා සම්මානනීය නිලි යශෝධා විමලධර්ම මෙහිදී පැවසුවාය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි