නවතම පුවත්

ත්‍රිකෝණමඩු රක්ෂිතයේ පන්සල් කන්ද ඩෝසර් කල දාගැබ ගැන පරික්ෂණ ඇරඹේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

සේරුනුවර පොලිස් වසමට අයත් ත්‍රිකෝණමඩු රක්ෂිතයේ පන්සල් කන්ද පුරාවිද්‍යා ස්ථානයේ පිහිටි දාගැබක කොටසක් හා පුරාවිද්‍යා ස්මාරක රැසක් බිම් බෝම්බ ඉවත් කරණ ජාත්‍යාන්තර ආයතනයක සේවක පිරිසක් විසින් ඩෝසර් කිරිම සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

විදේශිය නිරික්ෂකයන්ගේ මැදිහත්විම මත බිම් බෝම්බ ඉවත් කිරිම සදහා ඩෝසර් කිරිමේදි මෙම දාගැබට හා ස්මාරක වලට සිදුවු හානිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ නිලධාරින් කල පැමිණිල්ලකට අනුව මෙම විමර්ශණ පොලිසිය විසින් සිදු කරගෙන යයි.

සේරුවිල පුරා විද්‍යා ගවේෂණ ව්‍යාපෘතිය හරහා සොයා ගන්නා ලද පන්සල් කන්ද පුරා විද්‍යා ස්ථානය රක්ෂිතය තුල කුඹුරු යායක් මැද පිහිටා ඇති අතර කාලයක් තිස්සේ කුඹුරු කල ස්ථානයක මෙම දැගැබ හා පුරා වස්තුවලට හානිවන අයුරින් බිම් බෝම්බ ඉවත් කිරිමට මෙම රාජ්‍ය නොවන ජාත්‍යාන්තර ආයතනයට සාධාරණ හේතුවක් නැතැයි එහි ස්ථානිය පරික්ෂණයක් සිදුකල පුරාවිද්‍යා නිලධාරින්ගේ මතය වි තිබේ.

මෙම ස්ථානය ඩෝසර් කිරිම නිසා පැරැණි ගල් කණු, සිරි පතුල් ගල්, පෙති උළු පියගැට පෙල පැරණි ගඩොල්  , කොරවක් ගල් හා සදකඩ පහණය ආදි පුරාවස්තු තැන තැන විසිරි ඇති අයුරු මෙම කණ්ඩායමට නිරික්ෂණය වි තිබේ. විදේශිය නිරික්ෂකයන් හා දේශිය පුහුණු සේවකයන් යොදාගෙන මෙම බිම් බෝම්බ ඉවත් කිරිමේදි දේශිය සේවකයන් අන්‍ය ජාතිකයන් විම නිසා මෙය හිතාමතාම සිදුකර ඇති බවට මෙම කණ්ඩායමට නිරික්ෂණය වි තිබේ.

බිම් බෝම්බ ඉවත් කිරිමේ පහසුවට මෙය ඩෝසර් කල බව අදාල ආයතනය පවසා ඇතත්  ඊට පෙර වගකිව යුතු ආයතන දැනුවත් නොකිරිම ගැටලුවක් බවත් ඩෝසර් කිරිමේදි බිම් බෝම්බ තිබුණි නම් පුපුරා යාමට පවා හැකියා තිබු බවත් එවන්නක් සිදු නැති බවත් පුරාවිද්‍යා නිලධාරිහු පවසති. ජාත්‍යන්තර නිරික්ෂකයන් ලංකවේ නිතිය නොදැන සිටියත් දේශිය සේවකයන් මෙය දැන දැන නිහඩව සිටිම බරපතල කරුණක් බවද ඔවුන් පවසයි. අනුරාධපුර මධ්‍ය යුගයට අයත් නටබුන් ලෙස නිරික්ෂණය වන මෙම ස්ථානයට සිද්ධිය සැළවිමෙන් පසු ගිය පුරාවිද්‍යා නිලධාරින්ට බිම් බෝම්බ ඉවත් කිරිමේ ආයතනයේ සේවකයන් පැය හතරක් පුරා එකි ස්ථානයට ලගා විමට ඉඩ ලබා දි නැතැයි ද වාර්ථා‍ වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරිකෂණයක් ආරම්භ කල සේරුනුවර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආනන්ද උදය පුෂ්ප හේරත් මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරගෙන යයි. දැනට පුරා වස්තු ඇති ස්ථානය වෙන් කර එම ස්ථානයේ කැනිම් නතර කිරිමට අදාල බිම් බෝම්බ ඉවත් කරණ සංවිධානයට  පොලිසිය දැනුම් දි තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ  අවසර මත මෙම කටයුතු සිදුවන නිසා මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා ගැනිමට වැඩ බලන පොලිස්පති හරහා දැනුම් දිමට පොලිසිය දැනටමත් කටයුතු කරගෙන යයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි