නවතම පුවත්

මානසික රෝගවලට වේදිකා නාට්‍යය හොඳ ප්‍රතිකාරයක් – මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර

අසංක

අසංක

වත්මන් සමාජය තුල අප බොහොදෙනා පීඩා විඳින විවිධාකාර මානසික පීඩනයන්ට , මානසික රෝගයන්ට , වේදිකා නාට්‍යය ඉතා සුදුසු ප්‍රතිකාරයක් වන බව මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා ප්‍රකාශ කර සිටී.

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙලේ ප්‍රහසන නාට්‍යකරුවකු වන රේ කූනි ගේ ” two into one ” නාට්‍යය ඇසුරින් නෂ්පාදනය කෙරෙන ” යතුරු හිලෙන් බලන්න ” වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙලට එක්වෙමින් අබේසුන්දර මහතා මේ බව සඳහන් කළේය .

මේ වනවිට සමාජය තුල පවතින දැඩි තරඟකාරී බව හේතුවෙන් බොහෝ දෙනෙකු විවිධාකාර මානසික පීඩනයන්ට ගොදුරු වන බවත් , ඒ හේතුවෙන්ම ඔවුන් විවිධ මානසික රෝගයන්ටද ලක්වන බවත් මහාචාර්යවරයා මෙහිදී පැවසීය .

වේදිකා නාට්‍යය රසවිඳීම හරහා මෙම මානසික ව්‍යාධීන්ට සහනයක් ලැබෙන බවත් මහාචාර්යවරයා මෙහිදී පැවසීය .

යතුරු හිලෙන් බලන්න වේදිකා නාට්‍යය සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ තුසිත සිල්වා මහතාගේ අධ්‍යක්ෂණයක් වන අතර එහි පිටපත කුමාර සිරිවර්ධන මහතා විසින් සම්පාදිතය.

ශ්‍රියන්ත මෙන්ඩිස් , අජිත් ලොකුගේ , පබෝධා සන්දීපනී , කුසුම් රේණු ඇතුළු ප්‍රවීණ හා ජනප්‍රිය නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වන මෙම නාට්‍යය නිෂ්පාදනය කර ඇත්තේ සමන් නානායක්කාර මහතා හා කාමිණි රාජපක්ෂ මහත්මියයි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්