නවතම පුවත්

ඉරානයේ නි.සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා හැදිලා

අසංක

අසංක

ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාටද මේවනවිට කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී.

මීට අමතරව එරට පාර්ලිමේන්තු මන්ත්රීවරයකුටද රෝගය අසාදනය වී ඇති අතර කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ඉරානයේ 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත.

මේ හමුවේ සියලු සැණකෙලි සහ පාපන්දු තරගාවලි අවලංගු කර පළාත් රැසක පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට ඉරානය පියවර ගෙන ඇත.

ඉරානය චෝදනා කර සිටින්නේ අමෙරිකානු සම්බාධක හේතුවෙන් වෛරසය මැඩපැවැත්වීමට අවශ්‍ය මුහුණු ආවරණ සහ ඖෂධ ආනයනය දුෂ්කර වී ඇති බවටය.

ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, කුවෙට්, බහරේනය සහ ඕමානයෙන් ද මේ සතියේ වෛරසය ආසාදනය වූවන් පිළිබඳ මුල්වරට වාර්තා වූ අතර ඒ සියලු ආසාදිතයන් ඉරානයේ සංචාරය කර තිබුණි.

මේ අතර මෙම වෛරසය ලොව පුරා පැතිරයාමේ සීඝ්‍රතාවය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඊයේ ස්විට්සර්ලන්තය, රොමේනියාව, ඇල්ජීරියාව, ක්‍රොයේෂියාව, ස්පාඤ්ඤය සහ ඔස්ට්‍රියාවෙන් ද ප්‍රථමවරට කොරෝනා වෛරසය ආසාදනය වූවන් පිළිබඳ වාර්තා විය

එම ආසාදිතයන්ගෙන් බහුතරයකට වෛරසය ආසාදනය වී තිබුණේ ඉතාලියේ සංචාරය කිරීමෙන් පසුවය

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?