නවතම පුවත්

කලකට පසු ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැති දෙවැනි එක්දින තරගයද ලකුණු 161කින් ජයගනිමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදිම ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

සූරියවැව මහින්ද  ක්‍රීඩාංගණයේදී වසර දෙක හමාරකට පසුව පැවැති මෙම තරගයේදී මුලින්ම පන්දුවට  පහරදුන් ශ්‍රි ලංකා කණඩායම ලකුණු 345ක් රැස්කළේය.

ලකුණු 9ට කඩුලු දෙකක් ලෙස ඉතා අසීරු තත්ත්වයක පසුවූ ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 239ක සබඳතාවක් පැවැත්වීමට කුසල් මෙන්ඩිස් (119), අවිශ්ක ප්‍රනාන්දු (127) සමත්වූහ.

ලකුණු 346ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 39කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 184ක් පමණි. ආරම්භක පිතිකරු ශායි හෝප් ලකුණු 51ක් රැස්කළේය.

වනිඳු හසරංග හා ලක්ෂාන් සඳකැන් කඩුලු තුන බැගින් දවා ගත්හ.

තරගයේ වීරයා ලෙස අවිශ්ක සම්මාන ලැබීය.

ශ්‍රී ලංකාව 345/8 (පන්දුවාර 50)

අවිශ්ක ප්‍රනාන්දු 127(123,4×10),කුසල් මෙන්ඩිස් 119 (119,4×12), තිසර පෙරේරා 36 (25,4×4), ෂෙල්ඩන් කොට්‍රල් 4/67 (පන්දුවාර 10), ඇලසාරි ජෝශප් 3/57 (පන්දුවාර 10)

බ.ඉ.කොදෙව් 184/10 (පන්දුවාර 39.1)

ෂායි හෝල් 51 (65,4×5), නිකලස් පූරාන් 31 (41,4×3), කීමෝ පෝල් 21 (27,4×3),  වනිදු හසරංග 3/30 (පන්දුවාර 6), ලක්ෂාන් සදකැන් 3/57 (පන්දුවාර 9.1)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්