නවතම පුවත්

ආදරවන්තිය මොනිකා…!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සටහන – තරිඳු විජේරත්න

මෙම පින්තූරය දුටු සැනින් ඕනෑම අයෙකුට මතක් වෙන්නේ හික්කඩුවයි.දකුණුට පැමිණෙන විදේශිකයන්, නොමිලේ ලැබෙන මෙම මහඟු අවස්ථාව කිසිවිටක පැහැර නොහරින අතර දේශීය සංචාරකයන්ගේ නොදැනුවත්කම නිසා මෙම අවස්ථාව මඟ හැර ගනී.සෑම උදෑසනකම හික්කඩුව වෙරළ තීරයට ගැඹුරු මුහුදේ සිට මෙවැනි අහින්සක කැස්බෑවන් පස් දෙනෙකු පමණ මිනිසුන්ගේ ඇසුර සොයා පැමිනෙයි.ඔවුන් බොහෝ කලක සිට මිනිස් ඇසුරට පුරුදූ වී ඇත.මේ කැස්බෑවන් වෙන් වෙන් නම් වශයෙන් හදුනාගැනීමට එතන ඇතැම් විට සිටින වනජීවී සංරක්ෂණ නිලධාරීන් හා වෙරළ පිරිසුදු කරන්නන් හට හැකියාව පවතී.

මෙහි සිටින්නේ මොනිකා ලෙස නම් ලද අවුරුදු 60 ක් පමණ වයසැති කැස්බෑවියකි.දෙපා ලගටම පැමිණ අප ලබා දෙන පෙඳ පාසි කෑමෙන් පසුවත් එතනින් නොයා තව ලැබේදැයි සිතමින් පූස් පැටියෙකු මෙන් කකුලේ දැවටී දැවටී සීටිනා මොනීකා නැවත ගැඹුරු මුහුදට යන්නේ අපි එතනින් ඉවත් වුවහොත් පමණී.මෙලෙස එතැනට පැමිණෙන රෝසි නැමැති කැස්බෑවියද මිනිසුන්ගේ ආදරයට ලැදිය.

ඔබත් හික්කඩුවට පැමිනෙන්නේ නම් මෙම මහඟු අවස්ථාව අත්විදීමට පැමිණිය යුතුමය.මොවුන් බොහෝ දින වල උදෑසනම වෙරළ ආසන්නයට පැමිණෙන අතර දහවල් ආසන්න වන තුරුම වෙරළේ සිටී.ඔවුන්ගේ ආහාරය සඳහා දෙන පෙඳ පාසි එම ස්ථානයේදී නොමිලේම ලබා ගත හැකිය.ඔවුන් එහි පැමිණෙන්නේ නිදහසේ සිටීමට බැවින් ඔවුන්ගේ ස්වභාවික ජීවන රටාව ගෙන යාමට බාදා නොකිරීමට වගබලාගත යුතුය.එහිදී එම කැස්බෑවන්ගේ හිස අතගෑමට යාමෙන් ඔවුන්ට හිරිහැර විය හැකි අතර ඔවුන්ගේ ඇගෙන් ඇල්ලීමට මැලි විය යුතු නැත.ඒ ඔවුන් එහි පැමිණෙන්නේද එවැන්නක් බලාපොරොත්තුවෙන් නිසාවෙනි. අවුරුදු දෙතුන්සීයක් ජීවත් වන මොවුන් රැක ගැනීම අප සියල්ලන්ගේම වගකීමයි..!

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි