නවතම පුවත්

වසර 40කට පෙර වූහාන් වෛරසය ගැන කියූ අනාවැකිකරුවා

අසංක

අසංක

අලෙවි වාර්තා බිඳ දැමූ නවකතාවක් වන 1981 දී ලෝක ප්‍රසිද්ධ වූ ‘The eyes of darkness’ ප්‍රබන්ධ නවකතාවේ කතෘවරයා වන අමෙරිකානු ලේඛක Dean Koontz මේ වනවිට අන්තර්ජාලය කළබවමින් ප්‍රබල අනාවැකිකරුවකු බවට පත්ව තිබේ.

ඒ මේ වන විට ගෝලීය වසංගත තත්වයක් බවට පරිවර්තනය වී ඇති කොරෝනා වෛරසය හා සමානම වෛරසයක් පිළිබඳ ඒ මීට වසර හතළිහකට පෙර සිය නවකතාව මඟින් ඔහු කියා තිබීම යි.

විශේෂත්වය වන්නේ 2019 දී චීනයේ වූහාන්වලින් ආරම්භ වූ කොරෝනා වෛරසය, වසර හතළිහකට පෙර ඩීන් කූන්ට්ස් විසින් රචිත නකතාවේ තිබුණේද වුහාන්-400 නමින් වීමයි.

ත්‍රාසජනක නවකතා රචකයෙකු වූ ඩීන්ගේ නවකතාව වන ‘The eyes of darkness’ එළිදකින්නේ 1981 වසරේ දී ය. කඳවුරු බඳින චාරිකාවක් සඳහා තම පුත්‍රයා යවන මවකට අත්වන නොසිතූ විරූ ඉරණම පිළිබඳව ය. එම චාරිකාවට එක්වන සෑම නායකයෙකු, කඳවුරු බඳින්නකු හා රියදුරකු මියයන්නේ අබිරහසක් ලෙසයි.

ශෝකයට පත් මව ඇගේ පුත් ඩැනී මිය ගොස් ඇති බව පිළිගැනීමට පටන් ගන්නා විට ඔහු මියගොස් නැතැයි කියමින් විවිධ දේ කරන්නට පටන් ගනී. ඒ අතරතුර අද්භූත සිදුවීම් මාලාවකට මුහුණ දීමට මවට සිදු වේ. තම දරුවා මියගිය දින සැබෑවටම සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ සොයායන මව වටා ගෙතුණු කතාන්දරය මෙම නවකතාවේ ඇතුළත් වේ.

එම නවකතාවේ එන වුහාන්-400 වෛරසය චීන විශේෂඥයකු විසින් RDNA රසායනාගාරයේ රහසිගත ලෙස වැඩිදියුණු කළ ජීව අවියකි. නව corona හෙවත් covid-19 වෛරසය ද ආරම්භවූයේ චීනයේ වුහාන් ප්‍රදේශයේ ය. මේ වන විට වසංගතයක් වී ඇති කොරෝනා වෛරසය චීනයේ p-4 නමැති ලොව දියුණුතම රසායනාගාරයක අත්හදා බලමින් තිබූ ජීව අවියක් ලෙස පළමුව චෝදනා එල්ල වී තිබුණද වෙනත් කරුණු ගණනාවක් තහවුරු කරමින් එය නිවැරදි චෝදනාවක් නොවන බවට චීනය නිවේදනය කර තිබුණි.

නවකතාවේ එන වෛරසය මිනිස් සිරුරේ පමණක් වාහකයා වෙමින් පැතිරෙන වෛරසයකි. එමෙන්ම නවකතාවේ සඳහන් පරිදි වුහාන්-400 වෛරසයට මිනිස් සිරුරෙන් පිටත විනාඩියක් හෝ ජීවයක් නැත. වත්මන් කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිසාට ආ එකක් බවට ද සැලකේ.

කෙසේවෙතත් තරමක් සමානකම් දක්වන කරුණු ගණනාවක් හේතුවෙන් 1981 ඒ පළවූ මෙම නවකතාව එන වෛරසය 2020 එනම් මේ වසරේ ගෝලීය වසංගතයක් ලෙස පැතිර තිබෙන කොරෝනා වෛරසය පිළිබඳ පෙර අනාවැකි කීමක් බවට බොහෝ දෙනෙක් මේ වනවිට විශ්වාසය පළ කරයි. කොරෝනා වෛරසය බිහිවූ වුහාන් ප්‍රදේශයේ නමින්ම එම නවකතාවේ වෛරසය නම් කිරීමද අහම්බයක් නොවේ යැයි පාඨක අදහසයි.

කොරෝනා වෛරසයේ බලපෑම ලෝකය පුරා පැතිර යන උණුසුමක මෙම නවකතාවේ පිටු කිහිපයක් අන්තජාලය පුරා ආන්දෝලනාත්මක ලෙස සැරිසරමින් තිබෙනු පමණක් නොව, එම පොත යළිත් මුද්‍රණය කිරීමට සිදුවන තරමට ඉල්ලූම ලැබී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් එම නව කතාවේ පිටුවක් යැයි සඳහන් කරමින් සමාජ ජාලය තුල හුවමාරු වන “In around 2020 a severe pneumonia-like illness will spread throughout the globe, attacking the lungs and the bronchial tubes and resisting all known treatments.” යනුවෙන් සඳහන් පිටුව Dean Koontzගෙ නව කතාවේ නොව, End of days නැමැති 2009 වසරේ එළි දැක්වුණු සිල්වියා බ්‍රවුනිගේ ග්‍රන්ථයක රචනා කරන ලද කොටසකි.

සිල්වියා බ්‍රවුනිගේ පොත
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි