නවතම පුවත්

ඔබේ ගානට සුපිරි රසක් ගෙනෙන &Pepper Seafood Lounge Bar සහ British Pub & Fish N’ Chips

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ අවන්හල් හා ආහාර පාන ක්‍ෂේත්‍රයට නව මානයක් එක්කරමින් , ඇන්ඩ් පෙපර් සී ෆුඩ් ලෝන්ජ් බාර් (  &Pepper Seafood Lounge Bar)    සහ බ්‍රිටිෂ් පබ් (British Pub & Fish N’ Chips) ලෙස නවතම අවන්හල් දෙකක් පසුගියදා වන් ගෝල්ෆේස් හීදී විවෘත විය.


ගිල්ස් හොස්පිටැලිටි විසින් මෙම නවතම අවන්හල් ද්විත්වය මෙරටට හඳුන්වා දී ඇති අතර ශ්‍රී ලාංකීය රසය මුසුවූ ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තවීම මෙම අවන්හල්වල ඇති සුවිශේෂීත්වය වේ.


ඇන්ඩ් පෙපර් සී ෆුඩ් ලෝන්ජ් බාර් , විශේෂයෙන්ම ඉස්සන් , කකුළුවන් , දැල්ලන් , පොකිරිස්සන් වැනි මෙරට මුහුදු අහාර රැසකින් සමන්විත අවන්හලක් වන අතර ගුණාත්මක අතින් ඉහලම තත්වයක පැවතියද මෙහි ආහාර දැරිය හැකි මිලකට පැවතීමද විශේෂ කරුණකි.


ලන්ඩනයේ ආපන ශාලා හා අවන්හල් වල තේමාවට අනුව යමින් නිර්මාණය කර  ඇති බ්‍රිටිෂ් පබ් අවන්හල , “වන් ගෝල්ෆේස්” වෙළඳ  සංකීර්ණයේ ඉහලම මාලයේ විවෘත කොටසේ ගොඩනංවා ඇති අතර ඒ හේතුව නිසාම ලන්ඩනයේ අවන්හල් සංස්කෘතිය ද

ලංකාවේ වෙරළාශ්‍රිත සුන්දරත්වයද එකලෙස කැටි කරගනීමට එය සමත්ව ඇත.

ශ්‍රී ලංකාව තුල පමණක් නව ඉන්දියාවේ හා මාලදිවයිනේද  අවන්හල් , සමාජ ශාලා හා පීසා අවන්හල් රැසක හිමිකාරීත්වය දරන ” ගිල්ස්” සන්නාමය යටතේ  ගිල්ස් හොස්පිටැලිටි ක්‍රියාත්මකවේ. 

එහි පාර්ශවකරුවන් වන්නේ ආහාර විශේෂඥයකු වන ජී ජී රොෂාන් ඩී සොයිසා මහතා හා සුවි විජේරත්න මහතාය.

ඒ දෙදෙනාම තම ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයන් වේ. ශ්‍රී ලාංකීය අහාර ජාත්‍යන්තර තලයකට ඔසවා තැබීම මෙන්ම  මෙරට අවන්හල්වල ප්‍රමිතියද පියවර ගණනකින් ඉහලට ඔසවා තැබීම තම අරමුණ බව  රොෂාන් ඩී සොයිසා මහතා මාධ්‍ය වෙත පැවසීය.


ශ්‍රී ලංකාවේ මුහුදු ආහාරවල උපරිම රසය විඳීමට මෙම අවන්හල හරහා අවස්තාව ලැබෙන බව සුවි විජේරත්න මහතා පැවසීය.

මීට අමතරව දෙස් විදෙස් පාන වර්ග , හා ශ්‍රී ලංකාවටම විශේෂ වූ කොක්ටේල් රසවිඳීමට ද මෙහිදී අවස්තාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ඖෂධ පැලැටි පලතුරු හා කුළුබඩු භාවිතා කර මෙම කොක්ටේල් පානයන් නිර්මාණය කර ඇත. 


බ්‍රිටිෂ් පබ් හීදී සෑම සන්ධ්‍යාවකම ඉහලම රසයෙන් හා ගුණාත්මක බැවින් යුත් අහාර පාන රසවිඳීමේ අවස්තාව මෙන්ම සජීවී සංගීතය රසවිඳීමේ අවස්ථාවද උදාවේ.

ලන්ඩනයේ අවන්හලක ඔබට අත්දැකීමට ලැබෙන සියලුම දේ මෙම අවන්හල හරහාද අත්දැකීමට පාරිභෝගිකයින්ට අවස්තාව උදාවේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?