නවතම පුවත්

ආසියාවේ සුරක්ෂිතම සංචාරක ගමනාන්තය ලංකාවයි – ජාත්‍යන්තර බ්ලොග්කරුවෝ

අසංක

අසංක

ශ්‍රී ලංකාව යනු ආසියාවේ වඩාත්ම සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් වන බව ලෝකප්‍රකට සංචාරක බ්ලොග් රචකයින් කණ්ඩායමක් සඳහන් කර සිටී.


මෙරට විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ  සුප්‍රසිද්ධ  අතිශය ජනප්‍රිය ජාත්‍යන්තර  සංචාරක බ්ලොග් රචකයින් 27 දෙනෙකු පසුගියදා තම සංචාරය අවසනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.


කොරෝනා වෛරසය හේතුවෙන් සමස්ථයක් ලෙසම ලෝක සංචාරක ක්‍ෂේත්‍රයට එල්ලවී ඇති බලපෑම් මධ්‍යයේ වුවද ලෝකප්‍රකට  සංචාරක බ්ලොග් රචකයින් සම්භන්ධ මෙම  වැඩසටහන  සාර්ථකව නිමකිරීමට ශ්‍රී ලංකා සංචරණය පසුගියදා සමත්විය .

එම වැඩසටහන යටතේ මෙසේ මෙරටට පැමිණියේ  මිලියන එකොළහකට අධික ප්‍රේක්ෂක පිරිසක් සහිත ලොව ඉහලම පෙලේ   සංචාරක බ්ලොග් රචකයින්  පිරිසක් වන අතර , ඔවුන් බ්‍රිතාන්‍ය , ජර්මනිය , ස්විස්ටර්ලන්තය , නොර්වේ , ස්වීඩනය , ඔස්ට්‍රේලියාව , ඇමෙරිකාව , කැනඩාව , ඉන්දියාව යන රටවලට අයත්  විය .


එම බ්ලොග් රචකයින් , ත්‍රාසජනක සංචරණය , පාරිසරික සංචරණය , අහාර හා සංස්කෘතික යන ක්ෂේත්‍ර හරහා රචනයේ යෙදෙන්නන් වන අතර විශේෂයෙන් පවුල් වශයෙන් සංචරණය කරන රචකයින් පිරිසක්ද මීට එක්ව සිටියහ .


මෙම නිරීක්ෂණ චාරිකාවේදී ජාත්‍යන්තර බ්ලොග් රචකයින් කණ්ඩායම , කල්පිටිය , විල්පත්තුව , අනුරාධපුරය , හබරණ , සීගිරිය , පිටවල පතන , මාතලේ , නුවර , නුවර එලිය උඩවලව හා දකුණු පළාතේ සංචාරය කරන ලදී.


නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ස්කොට්ලන්තයේ බ්ලොග් රචක ජෙනි එව්ස් පැවසුවේ පවුල් පිටින් සංචාරය කිරීම සඳහා ආසියාවේ ඇති සුරක්ෂිතම රටක් ලෙස තමා ශ්‍රී ලංකාව නම් කරන බවයි.

මසකට 80000 ක පමණ පිරිසක් එක්වන ඕස්ට්‍රේලියානු සංචාරක  වෙබ් අඩවියක හිමිකාරියක වන ෆ්ලොරනස් ශිහා පැවසුවේ ශ්‍රී ලංකාව විශ්වමයජනක දේ පිරුණු සුන්දර දිවයිනක් වන බවය.තමා ඒ පිළිබඳව තම වෙබ් අඩවිය හරහා ලොවටම කියන බවද ඇය එහිදී පැවසීය.


ශ්‍රී ලංකා සංචරණය මෙම චාරිකාව ඉතා හොඳින් සංවිධානය කර තිබු බවත් ආගනතුක සත්කාර ඉහලින්ම ලැබුණු බවත් ජර්මනියේ බ්ලොග් හා ව්ලොග් රචිකාවියක වන   එස් ,  බ්‍රිට්මයර්  පැවසුවාය 
මෙම සංචාරක බොල්ග් රචකයින් මෙම ශ්‍රී ලංකා සංචාරය  පිළිබඳව සකසන නිර්මාණ හා අන්තර්ගතයන් හි වෙළඳ හා ප්‍රචාරණ වටිනාකම රුපියල් මිලියන 30කට ආසන්න වනු ඇති බව ශ්‍රී ලංකා සංචරණය අනුමාන කර සිටී.

බ්ලොග් රචකයින් පිරිස , රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා හමුවූ අවස්තාව ශ්‍රී ලංකා සංචාරණයේ මහජන සබඳතා සහකාර අධ්‍යක්‍ෂ චමින්ද මුණසිංහ මහතාද මෙහි වේ.
සංචාරක බ්ලොග් රචකයින් හා ඔවුන්ගේ දරු දැරියන් සමග එක්ව ශ්‍රී ලංකා සංචරණය මෙරට නිදහස් දින සැමරූ අයුරු. ශ්‍රී ලංකා සංචාරණයේ මහජන සබඳතා අධ්‍යක්‍ෂිකා මධුභානි පෙරේරා මහත්මියද මෙහි වේ.


How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්