නවතම පුවත්

ඉතාලිය දකුණු කොරියාව සහ ඉරානයේ සිට එන මගීන් අද සිට මඩකලපුවේදී නිරෝධායනය කිරිම ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉතාලිය, දකුණු කොරියාව, සහ ඉරානයේ සිට පැමිණෙන ගුවන් මගීන් මෙරටදී නිරෝධායන කිරීමේ කටයුතු අද (09) සිට ආරම්භ වනවා. එහි පළමු අදියර අද ආරම්භ වන්නේ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේයි.

මෙම නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළත් කරන අය දින 14 ක් අනිවාර්ය නිරෝධායන කි‍්‍රයාවලියට ලක් කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ. 

මෙම නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරෙන්නේ නිරෝගී පුද්ගලයින් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. කිසියම් අයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වුවහොත් අනිවාර්යෙන්ම රෝහල්ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවා. 

නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් කිසිවෙකුත් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා. 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි