නවතම පුවත්

‘ටයරය තල්ලු කළේ විනෝදයට’- අත්අඩංගුවට ගත් සිසුවා හෙළි කළ දේ

අසංක

අසංක

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකාරණ පීඨයේ සිසුවකු දෙසට ටයරයක් තල්ලු තල්ලූ කර බරපතළ ලෙස තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන විමර්ශනවලට අදාළව බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාශය විසින් එහි සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් හතරවෙනි වසරේ ඉගෙනුම ලබන සරසවි සිසුන් ය. ඒ අය අතර ටයරය තල්ලූ කළ සිසුවා ද සිටින බව පොලීසිය පවසයි.

එම සිසුවා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ එදින සරසවි සිසුන් මත්පැන් බොමින් විනෝද වෙමින් සිටි බවය.

තමා ද සිසුන් කණ්ඩායමක් සමඟ මත්පැන් පානය කරමින් සිටි බවද ඔහු සදහන් කර තිබේ.

තම ඇතුළු මිතුරන් රැඳී සිටියේ ඉහල ක්‍රීඩාංගනයේ බවත් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට තමා පහලට පැමිණි බවත් ඔහු පවසා ඇත.

තම ඇමතුම ලබාගන්නා විට ඒ අසල ටයරයක් තිබෙනු දැක ඇමතුමින් පසු විනෝදයට මෙන් ටයරය තල්ලු කළ බවත් ඒ රෝල් වී පඩිපෙළ දිගේ පහළට ගිය බව ඔහු සඳහන් කර තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පඩිපෙල දිගේ ගමන් කරමින් සිටී සිසුවාගේ සිරුරේ ටයරය ගැටී ඔහු බිම ඇද වැටී පඩිපෙලේ ගැටුණු බවයි. හිසට හානි සිදුවී ඇත්තේද හිස පඩිපෙලේ ගැටීම නිසා බව හෙළිවී තිබේ.

මෙම ටයරය ඉහළ සිට පහළට පැමිණෙන විට ඒ දුටු සිසුන් අනතුරට ලක්වන සිසුවාට ඉවත් වන ලෙස කෑගසා කීවද සිසුවා හැරී බලන විට එය ඔහුගේ සිරුරේ ගැටී තිබේ.

අත්අඩංගුවට ගත් සෙසු සිසුන් ටයරය තල්ලූ කළ සිසුවා සමග එම අවස්ථාවේ සරසවි භූමිය මත්පැන් පානය කරමින් සිටි අයයි

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි