නවතම පුවත්

පෑවිල්ල නිසා අමාරුවේ වැටුණු තේ හිමිකරුවන් හා කම්කරුවන්ට රජයෙන් සහන

අසංක

අසංක

වියලි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති වතු සමාගම්වලට, කුඩා තේ වතු හිමියන්ට සහ වතු කම්කරුවන්ට සහන ලබාදීමට සදහා වූ කැබිනට් පත‍්‍රිකාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වතු සමාගම්වල, කුඩා තේ වතු හිමියන්ගේ සහ වතු කම්කරුවන්ගේ දුක් ගැනවිලි පිලිබඳ සලකා බලා මෙම පියවර කඩිනමින් ගැනීමට තීරණය කල බවද වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අප වෙබ් අඩවියට පැවැසීය.

වැසි නොමැති වියලි කාලගුණය සහ උෂ්ණත්වය ඉහල යාම නිසා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලද තේ වගා බිම්වලින් සියයට 60ක් පමණ මේ වන විටත් වියලී ගොස් ඇති බව වතු සමාගම් පවසයි.

1991 වසරෙන් පසු තේ වගාවට ඇති වු නරකම කාලගුණික බලපෑම් මේ බවද මෙහිදී ප‍්‍රකාශ විය .

වතු සමාගම් මෙන්ම කුඩා තේවතු හිමියන් සහ වතු කම්කරුවන්ද මෙම වියලි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින අතර ඇතැම් කුඩා තේ වතු වල අස්වනු නෙලීම මාස 02ක් පමණ තිස්සේ සිදු නොවන බවද ඒ නිසා ඇතැම් වතු කම්කරුවන්ට රැකියාද අහිමිවී ඇතැයිද වාර්තාවේ,

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි