Express Gossip

Share now!

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මහතා ඊයේ(15) අභාවප්‍රාප්ත විය. වගආරච්චි මහතා යුක්තිය පුවත්පතේ විශේෂාංශ කතුවරයා ලෙස කටයුතු කර ඇති අතර, ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙසද කටයුතු කර ඇත. ඒ මහතා ලේක්හවුස් ආයතනයේ හිටපු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයකු සහ හිටපු දිනමිණ ප්‍රධාන කාර්තෘවරයකු ලෙසද කටයුතු කර තිබේ.

මියයන විට 69 වන වියේ පසුවූ සමන් වගආරච්චි මහතාගේ දේහය ලබන මස 17 වැනිදා දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත. 17 වැනිදා සවස දේහය කෑගල්ලේ නිවසට රැගෙන යන අතර, 19 වැනිදා අවසන් කටයුතු කෑගල්ලේදී සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment