නවතම පුවත්

කොරෝනා නිසා අමෙරිකාව තුළ හිස ඔසවන සන්නද්ධ වසංගතය

අසංක

අසංක

සටහන:- ශාලික පෙරේරා

ඇමරිකානුවන් කොරෝනා අර්බුදයට මුණ දීම සඳහා අයුධ සන්නද්ධ වන ආකාරයයි මේ. ලොස් ඇන්ජලීස් නගරය අවට බොහෝ ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂව පවතින්නේ දැඩි අවධානමකය.අත්‍යවශ්‍ය දෑ අහවර වීමත් සමගම බොහේ පිරිස් කලහා කාරි ලෙස හැසිරෙන්න පටන් ගත්තේය.

විශේෂයෙන් නිවාස අහිමිවු ( Homeless) පිරිස් ඇතැම් ව්‍යාපාර ස්ථාන කඩා බිඳ දමා බඩු භාණ්ඩ රැගෙන ගිය අයුරු මාධ්‍ය ද වාර්තා කලේය.මේ අවධානම දැන් පවතින්නේ උත්සන්න අවස්තාවකය.

අද පලවූ මේ වාර්තාව අනුව
එක්සත් ජනපදය පුරා තුවක්කු සහ පතොරම් අලෙවිය ඉහළ යමින් තිබේ. සමහර ඇමරිකානුවන් ස්වයං ආරක්ෂණ ක්‍රමයක් ලෙස ගිනි අවි වෙත යොමුවීමට පෙළඹී ඇත. කැලිෆෝනියාවේ කල්වර් සිටි මාටින් බී රිටිං තුවක්කු සාප්පුවේදී, සති අන්තය පුරාම දක්නට ලැබුනේ දිගු පෝලිම් ය.

උතුරු කැරොලිනාවේ චාලට් හි හයට් ගන්ස් හි විශාලතම තුවක්කු සාප්පුවක හිමිකරු ලැරී හයට් ගාඩියන් පුවත්පතට පැවසුවේ තම වෙළඳසැලේ විශාල වශයෙන් මිලදී ගැනීමේ දර්ශන පෙර නොවූ විරූ බවයි.

“මගේ අවුරුදු 61 ක ව්‍යාපාරයේ මෙවැනි දෙයක් අප දුටු දෙවන අවස්ථාව මෙයයි” යනුවෙන් ඔහු පැවසීය. 2012 දී kenitic sandy hook ප්‍රාථමික පාසලේ සමූහ වෙඩි තැබීමෙන් පසු අයුධ රැස්කල පළමු අවස්ථාව මෙය බව ඔහු පැවසීය.

විශේෂයෙන් මිනිස් ඝාතක AR-15 අර්ධ ස්වයංක්‍රීය ගිණි අවිය සඳහා පවතින්නේ ද ඉහල ඉල්ලුමකි.

ප්‍රධාන පෙළේ පතොරම් වෙළෙන්දෙකු වන Aamo Com පවසන්නේ පසුගිය දින 11 තුල ගිණි අවි අලවිය සියයට 68 කින් ඉහල ගිය බවයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි