නවතම පුවත්

ලෝක වෙළඳාම තුළ ඩොලරය ප්‍රතික්ෂේප කරන්න රටවල් 8ක් ලෑස්තියි

අසංක

අසංක

ජාත්‍යන්තර වෙළඳාමේදී වානිජ්‍ය ගනුදෙනුවලදී මෙන්ම ආයෝජනයන්හීදී ද ඉදිරියේදී ඇමෙරිකානු ඩොලරය භාවිතා නොකිරීමට චීනය, රුසියාව සහ පාකිස්තානය ඇතුළු ෂැංග්හයි සහයෝගිතා සංවිධානයේ (SCO) සාමාජික රටවල් අට තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරියේදී මෙවැනි ගනුදෙනුවලදී දේශීය සහ ජාතික මුදල් භාවිතා කිරීමී මූලික ප්‍රතිපත්තිමය තීරණයකට මෙම රටවල් එළඹ ඇත.

ෂැංග්හයි සහයෝගිතා සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරන රුසියාව සමාජික රටවල් අතර වෙළදාම සහ ආයෝජනයන් මෙලෙස දේශීය මුදල් භාවිතයෙන් සිදු කිරීම සම්බන්ධව යෝජනා ඉදිරපත් කර ඇති අතර , සාමාජික රටවල් වන චීනය, ඉන්දියාව, පාකිස්තානය, කිර්ගිස්තානය, රුසියාව, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල නියෝජිතයින් ඊට එකඟතාව පළකර ඇත.

ඊට අමතරව ඉරානය, ඇෆ්ගනිස්ථානය, බෙලාරුස් සහ මොන්ගෝලියාව යන රටවල් සංවිධානයේ නිත්‍ය සාමාජිකයෙකු වීමට අපේක්ෂා කරමින් සිටී.

මෙලෙස ෂැංග්හයි සාමාජික රටවල් අතර වෙළඳ හා ආයෝජන වලදී ඩොලර් සහ පවුම් වෙනුවට ජාතික මුදල් භාවිතය ආරම්භ වුවහොත් එය විශාල ඉදිරි ගමනක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසති.

එය සාමාජික රටවල ජාතික මුදල් ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමද දායක වනු ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි