නවතම පුවත්

සිට්‍රස් වස්කඩුව (Citrus Waskaduwa) කොරෝනා නිරෝධායනයට දෙයි

අසංක

අසංක

කාමර 150 කින් යුත් සිට්‍රස් වස්කඩුව (Citrus Waskaduwa) හෝටලය යම් අවශ්‍යතාවය මතුවුවහොත් තාවකාලිකව COVID-19 වැළැක්වීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන්නැයි එහි අධ්‍යක්ෂ මණ්ඩලය කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

තරු පන්තියේ හෝටලයක් ජාතික අවශ්‍යතාව අනුව කොවිඩ් 19 රෝගය වැළැක්වීමේ ජාතික කාර්යට සහය දැක්වු පළමු අවස්ථාව මෙය වෙයි.

රටත් ලෝකයත් මුහුණ දී සිටින කොරෝනා වෛරසයේ වර්තමාන අර්බුදය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව වස්කාඩුව බීච් රිසෝර්ට් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය අදාල ලිපිය මගින් කරුණු දක්වා තිබේ.

සංචාරක ක්‍ෂේත්‍රය මුහුණ දී ඇති විනාශකාරී බලපෑම සැලකිල්ලට ගනිමින්, රටේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය, සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශ විසින් ගන්නා ලද නිර්භීත උත්සාහය අගය කරන බවද සිට්‍රස් අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතා අදාළ ලිපියෙන් පෙන්වා දී තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි