නවතම පුවත්

අ’පුර සිද්ධිය පිටුපස දූෂිත නිලධාරියෙක්! – මැගසින්, වැලිකඩ ඖෂධ ගබඩා සිරකරුවෝ බිඳදමලා

අසංක

අසංක

අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය පිටුපස දුෂිත නිලධාරියෙක් සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ වෙත වාර්තා වේ.

එම නොසන්සුන්කාරී තත්ත්වය මතු වී ඇත්තේ පසුගියදා ඉතාලියේ සිට පැමිණි පුද්ගලයකු යම් වරදකට එම බන්ධනාගාරය වෙත යොමු කිරීමත් සමඟයි.

ඔහුට කොරෝනා ආසාදිත බව පවසමින් රැඳවූවන් නොසන්සුන් අයුරින් හැසිරී තිබුණත් එම සැකකරු ආපසු එම බන්ධනාගාරයෙන් ඉවත් කර තිබුණි.

කෙසේ නමුත් ඒ බව පවසමින් වරින් වර වරින්වර බන්ධනාගාරයේ රැඳවූවන් කළහ ඇති කරගැනීමට තැත් කළ ද මෙම නොසන්සුන්තාව අභ්‍යන්තරයේ සැඟව ඇත්තේ මේ දිනවල ඇඳිරි නීති හේතුවෙන් බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය හිඟයක් බවට ද බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වෙමින් පවතී.

නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා සිදු කළ වෙඩි තැබීමකින් එක් රැඳවූවකු මියගොස් තවත් 5 දෙනකු තුවාල ලබා ඇති අතර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට තත්ත්වය පාලනය කිරීමට හැකි ව තිබේ.

බන්ධනාගාරය තුළ ගින්න හටගෙන ඇත්තේ එහි තිබූ පොත්පත් තොගයක් පිලිස්සීමෙන් බවට බවටද හෙළිව ඇත.

කෙසේ වෙතත් අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය තුළ ද සිරකරුවන්ට මත්ද්‍රව්‍ය හිඟ ඇතිවීම හේතුවෙන් බන්ධනාගාරයේ ඖෂධ ගබඩාව බිද දමා එහි තිබූ ඖෂධ මත්වීම සඳහා භාවිත කිරීමට සිරකරුවන් කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද අනාවරණය විය.

එමෙන්ම මැගසින් බන්ධනාගාරයේ ද මෙලෙසම මත්ද්‍රව්‍ය හිඟ හිඟකමක් හේතුවෙන් සිරකරුවන් නොසන්සුන් අයුරින් හැසිරී එහි ඖෂධ ගබඩාව ගබඩාව ද බිඳදැමීමේ පුවතක් ද වාර්තා විය.

කෙසේ වෙතත් අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පිටුපස සිරකරුවන්ට සහාය දක්වන දූෂිත නිලධාරියකු සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් වාර්තාවේ.

අනුරාධපුර බන්ධනාගාරයේ ඇති ඇති වූ නොසන්සුන් බව සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි