නවතම පුවත්

ටෝකියෝ ඔලිම්පික් අවලංගු කරන්නේ නැහැ – ඔලිම්පික් කමිටුව

අසංක

අසංක

ජපානයේ ටෝකියෝ හි පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් තරඟාවලිය අවලංගු කිරීමට පියවර නොගන්නා බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර සිටී .

කෙසේ වෙතත් එය මාස කිහිපයකින් කල් දැමීම පිළිබඳව මේ වනවිට අවධානය යොමුව ඇති බවද එම කමිටුව ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තව යන අකාරය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඉදිරි තීරණයන් ගැනීමට බලාපොරොත්තුවන බවද එම කමිටුව මෙහිදී සඳහන් කර ඇත.

ඔලිම්පික් තරඟාවලිය ආරම්භවීමට නියමිතව අත්තෙහ් ලබන ජූලි මස වන අතර , එම දිනයෙහි වෙනසක් සිදුකිරීම පිළිබඳව මේ වන විට ඔලිම්පික් කමිටුව හා ජපානයේ අදාළ බලධාරීන් අතරද මේ වනවිට සාකච්ජා ආරම්භවී ඇත.

කෙසේ වෙතත් තරඟාවලිය අවලංගු කිරීමට කිසිසේත් කටයුතු නොකරන බවත් , එය 11000ක් පමණ වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේත් ක්‍රීඩාවට ඇලුම් කරන ජනතාවගේත් සිහින බිඳ දැමීමක් වනු ඇති බවත් ඔලිම්පික් කමිටුව අවධාරණය කර ඇත.

මේ වනවිට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම අතින් ජපානය යම් සාර්ථකත්වයක් ලබා තිබීමද සුභවාදී ලක්‍ෂණයක් බව ඔලිම්පික් කමිටුව සඳහන් කර ඇත

image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි