නවතම පුවත්

කොරෝනා යාපනේට ගෙනා දේවගැති ඇදහිලි මගින් ලෙඩ සුවකරන්නෙක්

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය යාපනයට රැගෙන පැමිණි ස්විස් දේවගැතිවරයා අන්තවාදී ආගම්පතුරුවන්නෙක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඇදහිලි මගින් රෝග සුව කිරීමට හැකි බව එම අන්තවාදී ආගමික නිකායේ ඉගැන්වීම බව ද අනාවරණය වී ඇත.

මේ පුද්ගලයා යාපනයේ මුල් පදංචිකරුවෙක් වන ද්විත්ව පුරවැසියෙක් බව විමර්ශන වලින් හෙළිවී තිබේ. ඔහු මෙරටට පැමිණ ඇත්තේ ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය භාවිත කරමින් වුවත් පිටත් වී ඇත්තේ ස්විස් ගුවන් ගමන් බලපත්‍රයෙනි.

ඔහුට අයත් නිවාස ඇතුළු දේපොල රැසක්ම යාපනයේ ඇති බවද අනාවරණය වී ඇත. ඔහුගේ බිරිඳ ද යාපනයේ පදිංචිව සිටි තැනැත්තියකි.

මෙම දේවගැතිවරයා මෙරටට පැමිණෙන විටත් උණ රෝගයෙන් පෙලී ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

එසේම ඔහු මෙරටින් පිටත්ව යනවිටත් ඔහු සිට ඇත්තේ යම් අසාධ්‍ය තත්වයකිනි.

උණ රෝගීන් නිරීක්ෂණය කිරීම සදහා ගුවන් තොටුපොලේ සවිකර ඇති යන්ත්‍රවලට හසු නොවී මෙම පුද්ගලයා මෙරටට පැමිණිමත්පිටවීමත් ගැන මේ වන විටත් යාපනයේ සෞඛ්‍ය අංශ වෙත ගැටළුවක් මේ වන විට පැන නැගී තිබේ.

මෙම දේවගැතිවරයා මෙරටට පැමිණිම ගැන මේ වන විට පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එච්. චාල්ස් මහත්මිය සදහන් කළාය.

නිසි ප්‍රතිකාර නොමැතිව ඇදහිලි මගින් රෝග සුව කිරීමක් කළ නොහැකි බවද චාල්ස් මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්