නවතම පුවත්

බණ්ඩාරගම අටළුගමම සීල්!

අසංක

අසංක

ඩුබායි සංචාරයක නිරතව නිරෝධායනයට ලක්නොවූ කොවිඩ් 19 වෛරසය ආසාධිතවූ පුද්ගලයෙක් හේතුවෙන් බණ්ඩාරගම අටළුගම ගම්මානයට මුද්‍රාතබා ගම්මානයේ ජීවත්වන සියළුම නීරෝධායනය කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ අද (27) පියවර ගත්තේය.

ඒ අනුව මෙම ගම්මානයේ පවුල් 5000 ක පමණ පුද්ගලයින් 20000 දින 14ක් යන තුරු සිය නිවාස තුළම රදවා ස්යං නිරෝධායනයට යොමු කරනු ඇත.

ඒ අනුව මුළු ගම්මානයම මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර ඇතැයිද පානදුර කොට්ඨාශය භාර පොලිස් ප්‍රධානී සංජය ඉරසිංහ මහතා සදහන් කළේය.

ඊට අමතරව මෙම පුද්ගලයා සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ බවට හදුනාගත් පුද්ගලයින් 26 දෙනෙක් ගම්මානයේ ස්තාපිත කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයකදී වෛද්‍ය අධික්ෂණය ඇතිව නිරෝධායනය කිරීමටද හෙට 28සිට පියවර ගනු ඇත. ඒ සදහා සර්වෝදය සංවිධානයට අයත් ගොඩනැගිල්ලක් ලැබී ඇති බවද සංජය ඉරසිංහ මහතා පැවැසීය. හමුදා සාමාජිකයින් විසින් එම ගොඩනැගිල්ල නිරෝදායන මද්‍යස්ථානයකට සුදුසු වන ලෙස වෙනස් කිරීම් වලට අද සිටම ලක් කිරීමේ කටයුත්ත සිදුකරමින් තිබුණි.

අටළුගමට ආසන්නයේ පිහිටි ගම්මානයක් වන ගලිටැංමණ්ඩියේ පදිංචිව සිටින මිතුරෙක් සමග ඩුබායි ගිය මෙම පුද්ගලයා දින කිහිපයක සංචාරයකින් පසු මෙරටට පැමිණ ඇත්තේ ඉකුත් 19 වෙනිදාය. තමා ඩුබායි සංචාරයක නිරත වූ බව පොලීසියට දැනුම් දී ලියාපදිංචි වීමක් පවා නොකර ගම්මානයේම සැරිසරමින් පුද්ගලයින් සමග කමින් බොමින් විනෝදයෙන් කාලය ගතකර ඇත.

මේ පුද්ගලයා ගැන බණ්ඩාරගම පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ 24 වෙනිදාය. ඒ අනුව ඔහුගේ නිවසට සෞඛ්‍ය අංශ සමගපොලීසිය ගොස් ඇති අතර මුලිදී ඔහු තමා ඩුබායි ගිය බව පිළිගැනීමට මැලිකමක් දක්වා ඇත. මේ වන විටත් ඔහු ඩුබායි ගියේ කුමන කාරණාවක් සදහාදැයි අනාවරණය වී නැත. දීර්ඝ ලෙස ඔහුගෙන් පොලීසිය කළ පුශ්ණ කිරීම් හමුවේ තමා ඩුබායි ගිය බව පිළිගෙන ඇති අතර එහිදී ඔහු ස්වයං නිරෝදායනයට ලක්කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. කොවිඩ් 19 වෛරසයේ රෝගී ලක්සණ ඔහුට පෙන්නුම් කර ඇත්තේ 25 වෙනිදාය.

ඒ බව දැනගත් සෞඛ්‍ය අංශ පොලීසියේ සහය ඇතිව ඔහුව වහාම කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබේ. එම පුද්ගලයාට කොවිඩ් 19 රෝගී තත්වය වැලදී ඇතැයි තහවුරු වන්නේ ඊයේ 26 සවසය. ඒ අනුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සදහා අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කිරීමට නාගොඩ රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම පුද්ගලයා මුළුගම්මානයේම කරක් ගසමින් ගම්මානයේ බොහෝ නිවාස වලද සැරිසරා ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක පියවරක් ලෙස අටළුගමට මුද්‍රා තැබීමට පියවර ගත්බව සංජය ඉරසිංහ මහතා ද කොලම්බු එක්ස්ප්‍රස් වෙත සදහන් කළේය. ගම්මානයට ඇතුළුවන සහ පිටවන සියළුම මාර්ග වසා දමා මාර්ග බාධක යොදා ඇති බවත් කිසිවෙකුටත් එම ගම්මානයට ඇතුළු වීමට හෝ පිටවීමට අවසරය නොදෙන බවත් ඔහු සදහන් කළේය. මේ කටයුත්තට යුද හමුදාවේද සහය නොඅඩුව පොලීසියට ලැබෙන බවද ඒ මහතා පැවැසුවේය.

මෙම ගම්මානය මුස්ලිම් ගම්මානයක් බැවින් බොහෝ පිරිස් සමීපව එකට ජීවත්වන බැවින් රෝගය ව්‍යාප්තවීමේ අවධානම වැඩි බව සෞඛ්‍ය අංශ හදුනාගෙන ඇති බැවින් මේ පියවර ගත් බවද ඔහු පැවැසුවේය.

කමින් බොමින් මේ පුද්ගලයා සමග ඉතා සමීපව ඇසුරු කළ ගම්මානයේ පුද්ගලයින් 26 දෙනෙක් මේ වන විට හදුනා ගෙන ඇත. ඒ අය ගම්මානයේ සෙසු පිරිස්වලින් වෙන්කොට නිරෝධායනය කිරීමට ද සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ එම පුද්ගලයින්ව බවද ඉරසිංහ මහතා සදහන් කළේය.

මෙම පුද්ගලයා සමග ඩුබායි සංචාරයේ නිරතවූ මිතුරාට මෙතෙක් කිසිදු රෝගී තත්වයක් පෙන්නුම්කර නැති අතර ඔහුවද මේ වන විට ස්වයං නීරෝධායන කටයුත්තට යොමුකර ඇතැයි සංජය ඉරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය. මේ වන විට ඔහු සම්බන්ධකම් පවත්වන ලද පුද්ගලයින් හදුනා ගනිමින් සිටින බව සදහන්ය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?