නවතම පුවත්

මීගමුව පොරුතොට සීල් කරයි – මියගිය පුද්ගලයාට රෝගය වැලදුණු ආකාරය බුද්ධි අංශ සොයයි

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසයෙන් මිය ගිය දෙවැනි පුද්ගලයා වන සුල්තාන් මොහොමඩ් ජමාත් (64) නැමැත්තා පදිංචිව සිටි මීගමුව පොරුතොට ගම්මානයත් මුද්‍රා තබා මුළු ගම්මානයම නිරෝධායනයට ලක්කිරීමට ඊයෙ රාත්‍රියේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවර ගත්තේය.

මේ පුද්ගලයා විදෙස්ගතව නැති පුද්ගලයෙක් වන අතර ඔහු මීගමුව රෝහලට ඇතුලත් වී ඇත්තේ හෘද රෝගියෙක් ලෙසිණි.   හෘද රෝගියෙක් ලෙස ඔහු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර ඔහුට කොවිඩ් 19 වෛරසය වැලදී ඇතැයි තහවුරු වී ඇත්තේ මිය යාමෙන් පසුවය.

මේ තත්වය මත මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන්, සේවයේ නිරත වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයත් රෝහලේ ඔහුට මුහුවුණු පුද්ගලයිනුත් දැඩි අවධානමකට ලක්ව තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි රෝහල මුළුමනින්ම විෂබීජහරණය කිරීමට ඊයේ රාත්‍රිෙය්ම පියවර ගෙන තිබුණු අතර රෝහල් කාර්ය මන්ඩලය නිරෝධායනයට පවා යොමුකර තිබුණි.

පෝරුතොට ආබ්දීන් මාවතේ පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයාට හතිය රෝගී තත්වයට ප්‍රතිකාර ගන්නා අයෙක් බව හදුනා ගෙන තිබේ. පසුගිය දින කිහිපය පුරාම ඔහු කොවිඩ් 19 රෝග ලක්ෂණවලින් පෙළි ඇති අතර ඔහුගේ පවුලේ උදවිය ඒ ගැන එතරම් අවධානයක් යොමුකර නැත්තේ ඔහුට හතිය උත්සන්න වී ඇති බව සිතාගෙනය.

රෝගී තත්වය උත්සන්න වී ඔහුට පවුවේ වේදනාවක් ඇති වීමත් සමග අද පෙරවරුවේ ඔහුව මීගමුවේ පුද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇත. එහෙත් එම රෝහලින් මෙම රෝගියාව භාර නොගෙන මීගමුව මහ රෝහල වෙත ඔහුව රැගෙන යන ලෙසට උපදෙස් දී තිබේ.  හෘද රෝගියෙක් ලෙස මීගමුව රෝහලට ඇතුලත් කළ ඔහු පැය කිහිපයකට පසු මිය ගොස් තිබේ.

මේ පුද්ගලයාට වෛරසය වැලදුණු ආකාරයක් ගැන නිසි තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැති අතර ඔහු විදෙස් ගතවද පැමිණි අයෙක් නොවේ. පවුලේ අය සදහන් කර ඇත්තේ ඉකුත් 06 වෙනිදා ඔහු යාපනයේ සංචාරයක නිරත වූ බවය.

මේ වන විට ඔහු යාපනයේ සංචාරය කර දින 14 කට වැඩි කාලයක් ගතවී ඇති බැවින් යාපනය බලගිය ගමනේදී ඔහුට වෛරසය වැලදී ඇතැයි තහවුරුවී නැත. බුද්ධි අංශ මේ වන විට ඔහු පසුගිය සති දෙක තුනක කාලයත් ඇසුරු කළ පුද්ගලයින් සහ ඔහු ගමන් කළ ස්ථාන ගැන තොරතුරු සොයමින් සිටී. බුද්ධි අංශ උත්සහ දරන්නේ ඔහුට වෛරසය වැලදුණු ආකාරය ගැන කරුණු සොයා බැලීමටය. 

එතෙක් පොරුතොට ගම්මානය මුද්‍රා තබා ගම්මානයේ වැසියන් නිරෝධායනය කරමින් වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීමට බලධාරීන් පියවර ගෙන තිබේ.  මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයන්ද කොවිඩ් 19 පරීක්ෂාවකට යොමු කිරීමට තීරණය කර ඇති අතර මිය ගිය පුද්ගලයා සමග සමීපව ඇසුරු කළ පුද්ගලයින් හදුනා ගෙන ඒ අය නිරෝධායන මද්‍යස්ථානයකට යොමු කිරීමටද තීරණය වී තිබේ. එසේම ඔහු පදිංචිවසිටි නිවසත් ඒ අවට ප්‍රෙද්ශත් විෂබීජහරණය කිරීමටද අවශ්‍ය පියවර ගන්නා බව ආරක්ෂක අංශ සදහනව් කළේය.

අද වනවිට (30) කොරෝනා රෝගීන් ගණන 122 දක්වා ඉහළ‌ගොස් තිබේ. දැනට ප්‍රතිකාර ලබන රෝගීන් ගේ සංඛ්‍යාව 106 කි. කොරෝනා රෝගීන් දාහතර දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස්  ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි