නවතම පුවත්

සහරාන්ගේ කඳවුර වැටලීමට අණදුන් සීඅයිඩී ප්‍රධානියාට ජීවිත තර්ජනයක් – සාදික්ගේ ටැබ් පරිගණකයෙන් හෙලිවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වනාතවිල්ලුවේ පිහිටි සහරාන්ගේ පුහුණු කදවුර වැටලීමට නායකත්වය ලබාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්  දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටි බව හෙළිවී තිබේ.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටින වනාතවිල්ලුව කදවුර භාරව සිටි සහරාන්ගේ කල්ලියේ ප්‍රබලයෙක් වන සාදික් නැමැත්තාගේ ටැබ් පරිගණකය පරීක්ෂාකිරීමේදී ඒ බව හෙළිවී ඇත.

සාදික් නැමැත්තා මාවනැල්ලේ පදිංචිකරුවෙක් වන අතර ඔහු තුර්කිය හරහා සිරියාවට ගොස් අයි.එස්. පුහුණුව ලබා සිටියෙකි.

සහරාන්ගේ කල්ලියේ මරාගෙන මැරෙන බලකායේ ප්‍රබලතම සාමාජිකයෙක් වූ ඔහුව අත්අඩංගුවට ගන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු ගම්පොළ සපත්තු කඩයක සැගවී සිටියදී ඔහුගේ සහෝදරයා සමගිනි. මැවනැල්ලේ බුදු පිළිම වලට හැනි කිරීමිවලටද නායකත්වය දී තිබුනේ ඔහුය.

මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු භාවිතා කළ ටැබ් පරිගණකයද එකලම සොයා ගන්නා ලදි. එම ටැබ් පරිගණකයේ රහස් අංකය තමාට මතක නැති බව ඔහු පොලිස් ප්‍රශ්ණ කිරීම් වලදී සදහන් කර තිබුණි. දීර්ඝ කාලයක් තිස්සේ එම ටැබ් පරිගණකය තාක්ෂණ නිලධාරීන්ගේ විමර්ශනයට ලක්ව තිබුණු අතර  එහි රහස් අංකය සොයා ගනිමින් එය විවෘත කර ඇත්තේ ඉකුත් සතියේදීය.

එහි ඇති දත්තයන් පරීක්ෂා කිරීමේදී වනාතවිල්ලුව කදවුර වැටලීමට අදාලව දෙමළ පුවත්පතක පලවී තිබුණු වාර්තාවක් එම ටැබ් පරිගණකයේ සටහන්ව තිබී ඇත.  එම පුවත්පත් වාර්තාව් වැටලීම කළ නිලධාරියා ඇතුළු පිරිසක් වනාතවිල්ලුව කදවුරු භුමියේ  රැදී සිටින ඡායාරූපයක්ද පලවී තිබී ඇත. ඒ ඡායාරූපයේ සදහන් පුද්ගලයින් දෙදෙනෙකුගේ මුහුණු රතු පැහැයෙන් කපා දමා තිබී ඇති අතර ඒ එක් අයෙක් වන්නේ වනාතවිල්ලුව කදවුර වැටලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහය දුන් හිටපු ඇමතිවරයෙක් වන කබීර් හෂිම් මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකි. වනාතවිල්ලුව කදවුර වැටීමෙන් දින කිහිපයකට පසු එම පුද්ලයාට ඔහු පදිචිව සිටි නිවසේදී නිදි යහනේදීම හිසට වෙඩි තබා තිබුණි.

රතු පැහැති පෑනකින් මුහුණ කපා තිබුණු දෙවැන්නා වනාතවිල්ලුව කදවුර වැටලීමට නායකත්වය දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාය.  එම ඡයාරූප ගැන කෙරුණු ප්‍රශ්න කිරීම් වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටින සාදික් සදහන් කර ඇත්තේ එම ටැබ් පරිගණකය තමාට අයත් එකක් නොවන බවය. එම ඡයාරූප දෙකෙහි ඇති පුද්ගලයන්ගේ මුහුණු රතු පැහැයෙන් කපා ඇත්තේ ඇයි දැයි තමා නොදන්නා බවද ඔහු පවසා තිබේ.  එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් අනුමාන කරන්නේ එම ඡයාරූපයේ ඇති එක් පුද්ගලයෙවක්ට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දරා ඇති බැවින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාද සහරාන්ගේ කල්ලියේ ඉලක්කයක් බවට පත්ව තිබී ඇති බවය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී