නවතම පුවත්

කුඩු කිලෝ 1000ක් අල්ලපු ඉරාන යාත්‍රාවේ පකිස්තානුවන් 9ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නාවික හමුදා සයුර නෞකාව දකුණු මුහුදේ නාවික සැතපුම් 463 ඈතදී මත් කුඩු කිලෝ 1000ක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව ඉරානයට අයත් එකක් බව ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම නෞකාවේ පකිස්ථානු ජාතිකයන් 9 දෙනෙකු සිට ඇති බව එම නිල නොලත් ආරංචි මාර්ග තහවුරු කළේය.
කෙසේ වෙතත් මේ අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයතුළ අයිස් ලෙස සැලකෙන මත්කුඩු කිලෝ 500 ක් සහ කොකේන් මත්කුඩු කිලෝ 500 ප්‍රමාණයක් අඩංගු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසීමේදී පැවැසීය.
අදාල යාත්‍රාව හෙට දිනයේ දික්ඔවිට ධීවර වරායට ගෙනඒමට නියමිතව ඇත. මෙම යාත්‍රාව අයත් රට සහ එහි සිටින සැකකරුවන් පිළිබද තොරතුරු හෙට දිනයේදී මාධ්‍යට නිල වශයෙන් ඉදිරිපත් කරන බව හෙතම සදහන් කළේය.
ශ්‍රි ලංකා ඉතිහාසයේ විශාලතම මත්කුඩු වැටලීම වන මෙම වැටලීම සම්බන්ධයෙන් නාවික හමුදාව අද දහවල් නිකුත් කළ නිවේදනය මෙසේය.
ශ්‍රී ලංකා නාවික හමුදවේ ගැඹුරු මුහුද ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර මගින් 2020 මාර්තු 28 (සෙනසුරාදා) දින උදෑසන 0930 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා ලදි. මෙම විදේශීය යාත්‍රාව රාජ්‍යක ධජයක් රහිතව (Flag state) සහිතව ජාත්‍යන්තර මුහුදේ දී නිරීක්‍ෂණය කර, එය පරීක්‍ෂාවට ලක් කල අතර, එහි තිබී ICE නම් මත්ද්‍රව්‍ය 500kg පමණ වන ප්‍රමාණයක් ද, කොකේන් ලෙස සැක කරන මත්ද්‍රව්‍ය 500 kg ප්‍රමාණයක් ද සොයාගන්නා ලදී. තවද එහි බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳුනා නොගත් මත් පෙති 100g ක් පමණ වන ප්‍රමාණයක් ද ඇති බව වාර්තා වේ. ඒවායේ විදී අගය (Street Value) මත මූල්‍යමය වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති අතර, පොදුවේ සියල්ලම ගත් කල රුපියල් මිලියන 12,500.00 ට අධික වේ යැයි අනුමාන කෙරේ.
මෙම විදේශීය යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුර පරීක්‍ෂණ සඳහා අප්‍රේල් මස 01 වන දින දික්ඕවිට වරායට ගෙන දැඩි පරීක්‍ෂාවකට පත් කිරීමට නියමිතය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මතුවට ලබා දෙනු ලැබේ. මෙය මෙම මාස 02 තුල ජාත්‍යන්තර මුහුදේදී ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබියදි අත් අඩංගුවට ගත් 03 වන විදේශීය යාත්‍රාව වේ. මීට පෙර පෙබරවාරි මස 22 සහ 25 දින මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශීය යාත්‍රා දෙකක් හා එයින් ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ශ්‍රී ලාංකීය ධිවර යාත්‍රාවක් අත් අඩංගුවට ගත් අතර, විදේශිකයින් 16 හා ශ්‍රී ලාංකිකයින් 05 කුත් මුහුදේදී ප්‍රවාහනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 06 දකුණු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලදී.
මෙලෙස ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව චන්ද්‍රිකා තාක්‍ෂණය උපයෝගී කරගෙන නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබේ. මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදේශ මෙන්ම දේශීය කොටස්කරුවන් පසුපස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා එකාබද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්