නවතම පුවත්

දින 10ක් නිරෝධායන වූ දේවගැතිවරයකුටත් කොරෝනා

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය වැලදුණු බවට අද අනාවරණය වූ රෝගීන් තිදෙනා අතර නිරෝධායන යාපනයේ මධ්‍යස්ථානයක දින 10 ක් පුරාවට නිරෝධායනය වෙමින් සිටි අරියාලේ දේවස්තානයේ දේවගැතිවරයාද සිටියි.

කොව්ඩි 19 වෛරසය වැලදුණු ස්විස් දේවගැතිවරයා ඉකුත් මාර්තු 10 වෙනිදා මෙරටට පැමිණ 15 වෙනිදා දේවමෙහෙයක් පවත්වනු ලැබුවේ මෙම දේවගැතිවරයාගේ දේවස්ථානය තුළය.

අරියාලේ ගම්මානයම හුදෙකලා කරමින් ස්යං නිරෝධායනයට ලක්කරන්නට වූයේ එම ස්විස් දේවගැතිවරයාගේ යාපනය සංචාරය හේතුකොටගෙනය. ඔහුගෙන් වෛරසය වැලදුණු එක් රෝගියෙක් මෙයට පෙර හමුවූ අතර අද හමුවන්නේ දෙවැනි රෝගියාය. මෙම දේවගැතිවරයා ඇතුළු විසි දෙනෙක් හමුදාවේ අධික්ෂණය යටතේ යාපනයේ ස්ථාපිත කරනලද නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිට ඇත. රෝග ලක්ෂණයක් මේ කිසිවෙකුටත් පෙන්නුම් කර නැති අතර ඒ අයගෙන් 10 දෙනෙක් අද පරීක්ෂාවකට ලක්කල විට දේවගැතිවරයාට වෛරසය වැලදී ඇතැයි අනාවරණය වී තිබේ.

අද දිනයේ වෛරසය වැලදුණු බවට අනාවරණය වූ දෙවැන්නා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත ප්‍රෙද්ශයේ පදිංචිව සිටින 48 වියැති කාන්තාවකි. ඇයට වෛරසය වැලදී ඇතැයි අනාවරණය වී ඇත්තේ නාත්තන්ඩියේ හමුවුණු පුද්ගලයාගෙනි. ඉන්දියාවේ ගොස් පැමිණ සිටි එම පුද්ගලයා නිරෝධායනය නොවූ අයෙකි. එම පුද්ගලයාගේ බිරිදටත් පිරිමි දරුවන් දෙදෙනාටත් දියණියගේ මාස හතරක් පමණ වයසැති බිලිදාටත් වෛරසය වැලදී ඇතැයි පසුව අනාවරණය විය.

මේ පුද්ගලයා වෛරසය වැලදී තිබියදී කොළඹට පවා ගමන් කර ඇතැයි අනාවරණය වී ඇත. වෛරසය ආසාධනය වී ඇතැයි අද අනාවරණය වූ කාන්තාව සමග ඔහු සම්බන්ධ වී ඇත්තේ වෛරසය වැලදී තිබියදී බිත්තර මිලදී ගැනීමකට දුම්මලසූරියට ගොස් නැවත පැමිණෙන අතර තුරදීය. ඇගේ සැමියා මෙම පුද්ගලයාගේ මිතුරෙක් බවත් එදා ඒ නිවසට යන විට සැමියා නිවසේ සිට නැති අතර ඇය සමග කථාබහ කර ඔහු පිටව ගොස් තිබෙන බව හෙළිවී තිබේ. එම කාන්තාවත් මුස්ලිම් ජාතික තැනැත්තියකි. මෙම තැනැත්තිය හමුවීම හෝ දුම්මලසූරියට බිත්තර ගැනීමකට ගිය බවක් වෛරසය වැලදුණු පුද්ගලයා සෞඛ්‍ය අංශ වෙත හෙළිකර නැත. එබැවින් ඔහු සමගසම්බන්ධ වූ පුද්ගලයින් හදුනා ගැනීමේදී මෙම කාන්තාව හදුනා ගැනීමට නොහැකි වී ඇති අතර ඒ නිසා ඇයව කල් තියා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට නොහැකි වී කතිබෙන බව ආරක්ෂක අංශ සදහන් කරයි. මේ පුද්ගලයාට වෛරසය වැලදී ඇතැයි නොදත් ඇයද අවසානයට ඇදිරි නීතිය කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉවත්කළ දිනයේ භාණ්ඩ මිලදීගැනීමට පොදු මහජනතාව ගැවසෙන ස්ථාන කිහිපයකට ගොස් ඇති බවද මේ වන විට හෙළිවී තිබේ. ඒ අතර වෙළද සැල් මෙන්ම පොලවල්ද වෙතැයි අනාවරණය වී ඇත. ඇය ගමන් කර ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරෙක් සමගවන බැවින් එම ත්‍රී රෝද රථ රියදුරාවද හදුනා ගැණීමට බුද්ධි අංශ සමත්ව ඇත. ඒ අනුව එම රියදුරාගේ මග පෙන්වීම යටතේ ඇය ආගිය තැන් ගැන තොරතුරුලබා ගනිමින් එම රියදුරා ඇතුළු ඇය ආගිය ස්ථානවල රැදී සිටි පුද්ගලයින් හදුනා ගනිමින් නිරෝදායනයට යොමු කිරීමට පියවර ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භකර ඇතැයි ආරක්ෂක අංශ ප්‍රධානියෙක් සදහන් කළේය. ඇයට වෛරස් ආසාධනයන් පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල්ගතකර ඇත්තේ ඊයේ 31 ය.

අද දිනයේ හමුවුණු වෛරසය ආසාධනය වූ තෙවැන්නා කොළඹ මරදානේ වැසියෙකි. මේ පුද්ගලයා රන් නිෂ්පාදයට සම්බන්ධ ව්‍යාපාරයන්ට සම්බන්ධ අයෙක් බවත් මේ වන විට මුද්‍රාතබා ඇති අටළුගමට සම්බන්ධකම් ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ. ඔහුද රෝගය වැලදී තිබියදී මරාදාන සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකම සැරිසරා ඇතැයි අනාවරණය වී තිබේ. මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ බුද්ධි අංශ එක්ව මෙම පුද්ගලයා ආගිය තැන් මෙන්ම ඇසුරු කළ පුද්ගලයින්ව හදුනා ගනිමින් සිටිති. 7

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි