වීඩියෝ

Share now!

මොරගහකන්ද ජලාශය පෝෂණය වන ජල උල්පත් පිහිටි මහ රක්ෂිතය කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන.

මොරගහකන්ද ජලාශය පෝෂණය වන ජල උල්පත් පිහිටි නාවුල ඕපාල්ගල මහ රක්ෂිතය කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන වැටවල් ගසා කොටුකර ගන්නා බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මුහුදු සීමාවේ සිට අඩි 3000 ට වඩා ඉහළ කඳු පන්තියක් මත මේ රක්ෂිතය පිහිටා තිබේ.
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඕපාල්ගල ගම්මානයේ සිට පාගමනින් කිලෝමීටර් පහක් පමණ විශාල වනයක් මැදින් කඳු තරණය කිරීමේදී මෙම ජල උල්පත් පිහිටි ස්ථානය හමුවන බවත් කිසිදු අයෙකු ගේ නෙත නොගැටෙන ආකාරයෙන් සූක්ෂම ලෙස අක්කර පන්සියයකට වැඩි ප්‍රමාණයක් මේවනවිටත් පෞද්ගලික අයකු විසින් තමන්ගේ ඉඩමක හිමිකම බව පවසමින් අත්පත් කරගෙන ස්ථිර වැටවල් ගැසීම සඳහා විශාල භූමි ප්‍රමාණයක පිහිටි අති දුර්ලභ ශාක රැසක් විනාශ කොට ඇතැයි හබරන ඕපල්ගල රක්ෂිතය සුරැකීමේ සංවිධානය චෝදනා කර සිටී.

කන්ද උඩට ගියාම අපේ බඩ පපුව දනවා. මේවා රාවණා පරපුරේ ඉඳලා පැවත එන ගම්මාන. මේ කඳු උඩ මහා මාලිගා පවා තිබුණු සලකුණු තියෙනවා. පරම්පරා ගණනාවක් පැවති ගස් ඒ වගේම විශාල වැල් කපලා දාලා තියෙනවා
මොරගහකන්ද ජලාශය පෝෂණය වන ජල උල්පත් පිහිටි නාවුල ඕපල්ගල මහ රක්ෂිතය කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන වැටවල් ගසා කොටුකර ගන්නා බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment