නවතම පුවත්

ඉක්වදෝරයේ කොරෝනා මළමිනී මහපාරේ

අසංක

අසංක

කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් මේ වනවිට ඉක්වදෝර් රාජ්‍යයේ ප්‍රධාන නගර කිහිපයක්ම ජනශූන්‍ය බවට පත්වෙමින් ඇති බවත් වෛරසයෙන් මියගිය ඇතැමෙකුගේ මෘත ශරීර පවා එම මාවත් දෙපස තබා තිබෙනු දක්නට ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත,

මේ අනුව කොරෝනා වසංගත තත්වය මේ වනවිට ඉක්වදොරයට දරා ගත නොහැකි මට්ටමකට පැමිණ තිබීම හේතුවෙන් එරට තුල මෙම අවාසනාවන්ත තත්වය මතුව ඇති බවද එම මාධ්‍ය පෙන්වාදේ.

මේ වනවිට වෛරස ආසාධිතයින්ගෙන් එරට රෝහල් පිරී ගොස් ඇති අතර තවදුරටත් රෝගීන් භාරගැනීමට නොහැකි තත්වයකට එරට සෞඛ්‍ය අංශ පත්ව ඇත.

ගුයාක්විල් නගරය ඇතුළු නගර කිහිපයකම ප්‍රධාන රෝහල් සියල්ලේම පාහේ ඇඳන් පිරී ගොස් ඇති අතර මෘත ශරීරාගාර හා අදාහනාගාරයන්වලද දැඩි තදබදයක් මතුව ති බව වාර්තාවේ.

මෙම තත්වය මත , තම මියගිය ඥාතීන්ගේ මෘතශරීර සහිත මිනී පෙට්ටි මාර්ගය දෙපස තබනවා හැරෙන්නට තමන්ට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ගයක් නමැති බව ගුආයාක්විල් නගර වැසියන් බොහෝ දෙනෙකු සඳහන් කර සිටින බවද ජාත්‍යන්තර සී එන් එන් (cnn ) පුවත් සේවය වාර්තා කර ඇත,

කොරෝනා වෛරස රෝග ලක්‍ෂණ මතුව ඇති බොහෝ දෙනෙකුට කිසිදු ප්‍රතිකාරයක් ලබාගැනීමට නොහැකි තරමටම එම රෝහල් පිරී ගොස් ඇති අතර , රෝගීන් බොහෝ පිරිසක් රෝහල්වල ඉඩක් ලැබෙන තුරු නිවෙස් වලට වී දැඩි අසරණ තත්වයක පසුවන බවද සී එන් එන් පුවත් සේවය අනාවරණය කර ඇත.

රොයිටර් පුවත් සේවය වෙත පසුගිය 30 දා වීඩියෝවක් එවමින් ඉක්වදෝරයේ ගුයක්විල් නගර වැසියෙකු වන ෆර්නැන්ඩෝ ඇස්පනා තම නගර වැසියන් මුහුණ දෙන මෙම ගැටළු කාරී තත්වය පිළිබඳව මෙසේ විස්තර කර ඇත.

” මගේ පවුලේ සාමාජිකයෙක් මේ වනවිට කොරෝනාවෙන් මියගොස් සිටිනවා, නමුත් එම මෘත දේහය භාරදෙන්න තැනක් නැහැ . මම මේ ගැන බලධාරීන්ට දැන්වුවා, නමුත් ඔවුන් කියන්නේ ඒ සඳහා කෙටි කාලයක් ලබාදෙන ලෙසයි. එතෙක් මම මේ මෘත දේහය නිවසේ තබාගෙන තිබෙනවා . “

මෙසේ කියමින් සිය නිවසේ ඇති මෘත ශරීරය ඇස්පනා විසින් වීඩියෝව හරහා පෙන්වා ඇති අතර , ඉන් නැගෙන දුගඳ හේතුවෙන් නිවසේ ජීවත්වීම පවා ගැටළුවක් බවද එහිදී පවසා ඇත.

මෙම වීඩියෝව හරහාම අදහස් දක්වමින් අස්පනාගේ අසල්වැසියෙකු වන ලරෙයා වේරා පවසා ඇත්තේ තම මවද හුස්මගැනීමේ අපහසු තත්වයකින් පසුවන බවකි , එසේ රෝගීව සිටියත් ඇය ව රෝහලකට අතුල් කල නොහැකිව ඇති බවත් ඇය හැඩු කඳුලින් විස්තර කර ඇත.

මෙලෙස ඉක්වදෝරයේ නගර කිහිපයකම රෝගී පුද්ගලයින් රෝහල්වලට ඇතුළත්වීමට නොහැකිවීම හා නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් මියයමින් ඇති බව වාර්තාවේ.

එසේම එසේ මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර පවා නගරයට දැඩි ” බරක් ” ව ඇති අතර ඒවාට අදාළ අවමංගල්‍ය චාරිත්‍ර කිරීමටද හැකියාවක් නොමැතිව ඇති බව සී එන් එන් මාධ්‍ය වාර්තා පෙන්වාදෙ .

තම නගරය තුල පවතින මෙම ඛේදජනක තත්වය ගැන තවදුරටත් විස්තර කරමින් ගුයාක්විල් නගරාධිපතිනි සින්තියා විටෙරි තම ට්විටර් ගිණුමේ මෙලෙස සඳහන් කර ඇත.

” අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මොකක්ද මේ වෙන්නේ ? මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර භාරදෙන්න තැනක් නැහැ.
ඒ නිසා මිනිස්සු ඒවා පාරවල් දෙපස දමා යනවා. රෝගී වූ අයට ප්‍රතිකාර ගන්න විදියක් නැහැ . ඉඩ නැතැයි කියමින් රෝහල් වලින් ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් රෝහල්වලට යාමට නොහැකිව නිවෙස් තුලම මිය යනවා. මධ්‍යම රජය වහා මැදිහත්වී මේ ගැටලුවලට විසදුම් ලබාදිය යුතුයි . නැතිනම් අපේ නගරය ජනශූන්‍ය වූ මළවුන්ගේ නගරයක් වේවි.”

එරට ආපදා හා හදිසි අවස්ථා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ තවමත් එරට සිටින්නේ කොරෝන අසධිතයින් 4000 කට ආසන්න සංඛ්‍යාවක් බවයි , එසේම ඒ හේතුවෙන් මියගිය පුද්ගල සංඛ්‍යාව 150 ක් පමණ වන බවයි.


නමුත් ජනතාව පවසන්නේ එම සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවකි. ඊට වඩා විශාල පිරිසක් අසාධනය වී ඇති අතර තවත් විශාලා පිරිසක් මියගොස් ඇති බවද ජනතාව පෙන්වාදේ .

නිවෙස් තුල ප්‍රතිකාර නොමැතිව මියයන පුද්ගලයින් සම්භන්ධව මරණ පරීක්ෂණ පවා නොපවත්වන බැවින් ඒ කිසිවකු රජයේ සංඛ්‍යා ලේඛන වලට ඇතුලත් නොවන බවද ජනතාව පෙන්වාදෙ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්