නවතම පුවත්

ලොක්ඩවුන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රි ලාංකේය සිසුන් වෙනුවෙන් උපන් මනුස්සකම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙල්බර්න් නගරයේ ජීවත්වන ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයකු හා මාධ්‍යවේදියෙකුවන පැතුම් තිලකසිරි මහතා ඇතුළු කණ්ඩායම නව කොරෝනා (Covid-19 ) වසංගතයෙන් පීඩාවිදින ශ්‍රි ලාංකේය සිසුන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක මානුෂීය මෙහෙයුමක් අරම්භ කර තිබේ.


වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඇරඹි මෙම මානුෂිය මෙහෙයුම දැන් ඔස්ට්‍රේලියාවේ සිටින සියලුම ශ්‍රි ලාංකේය සිසුන්ට නැතිවම බැරි අත්වැලකි. ඔස්ට්‍රේලියාවේ කොරෝනාවෙන් මතුවෙච්ච මනුස්සකම මැයෙන් කුඩාවට ඇරඹි මෙම සද්කාර්යේ වත්මන් තත්ත්වය ගැන පැතුම් තිලකසිරි මහතා The Colombo Express කළ විමසීමේදී මෙලෙස අදහස් දැක්වුයේය.


රටකට අගුලු වැටුණු පසු සිදුවන්නේ කුමක්දැයි ශ්‍රි ලාංකේයන්ටද දැන් අදහසක් තිබේ.

ඔස්ට්‍රේලිවේදි මෙම කොරෝනා වසංගතය හේතුවෙන් අවධානය දිනා නොගත් පිරිසක් ඔබ ඇතුළු කණ්ඩායමේ අවධානය දිනා ගත්තා?


ඔව්, ඇත්තටම ඔබ ඔබේ රටේ සිටින විට සුරක්ෂිතයි. මම මගේ රටේ සිටින විට සුරක්ෂිතයි. එවිට ශ්‍රි ලාංකේයන් බලාගන්න ශ්‍රි ලංකා රජය කටයුතු කරනවා වගේ ඔස්ට්‍රේලියාවේ ඔස්ට්‍රේලියානුවන් බලාගන්න එම රජය කටයුතු කරනවා. හැබැයි අපට මේ වෙලාවේදි මතක් වුණේ මේ කණ්ඩායම් දෙකටම සෘජුව ඇස නොගැටෙන පිරිසක්. ඔවුන් තමයි ශ්‍රි ලංකාවෙන් උසස් අධ්‍යාපනය සදහා ඔස්ට්‍රේලියාවට පැමිණි සිසු සිසුවියන්. ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතු බවට අපි මුලික අදහසක් ඇතිකර ගත්තා.


ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන ශ්‍රි ලාංකේය සිසුන් මුහුණ පා තිබෙන දුෂ්කරතා මොනවාද ?


කොවිඩ්-19 ව්‍යවසනයෙ පීඩාවන් ඔස්ට්‍රේලියාවට දැනෙන්න පටන් ගත්තා විතරයි තාම, රජය විශ්වාස කරනවා තවත් මාස කිහිපයක් මෙම තත්ත්වය පවතීවි කියලා.තවත් සති තුනක් විතර යනවිට මෙම තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙන්නත් පුළුවන්. ශ්‍රි ලාංකේය සිසුන් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින්නෙ තාවකාලික වීසා බලපත්‍රවලින්. ඒ නිසා ඔවුන්ට රජයේ සෘජු ප්‍රතිලාභ ලැබෙන්නෙ නැහැ. මෙහේ රැකියාවල් කප්පාදුවට ලක්වෙලා තියෙන්නෙ. විශේෂයෙන් සිසුන් තාවකාලික රැකියාවල නිරතවු ක්ෂේත්‍ර සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. අවන්හල් වසා දමා සනීපාරක්ෂක රැකියා නැවතී තිබෙනවා. මෙවැනි හේතු නිසා ශ්‍රි ලාංකේය සිසුන්ගේ ආදායම් මාර්ග මුළුමනින්ම පාහේ ඇහිරී ගොස් තිබෙනවා. මේ නිසා ඔවුන් තාවකාලිකව නැවතී සිටින ස්ථානවල කුලිය ගෙවා ගැනීමට අපහසුයි. ඔස්ට්‍රේලියානු රජය කුලී නිවාසවල සිටින පුද්ගලයන් කුලී නොගෙව්වද මාස 6ක් යනතුරු එම ස්ථානවලම තබාගන්නැයි නියෝග කර තිබෙනවා. නමුත් අදාල කාලයේ කුලිය කවදා හෝ මෙම සිසුන්ට ගෙවන්න සිදුවෙනවා. එය මුළුමනින්ම නිදහස් කිරීමක් සිදුව නැහැ.


දළ වශයෙන් ශ්‍රි ලාංකේය සිසුන් කොපමණ සංඛ්‍යාවක් මෙම පීඩාවට පත්ව සිටීද ?


ඔස්ට්‍රේලියාවේ මේ අකාරයට හැම රටකින්ම අධ්‍යාපනයට ආපු ලක්ෂ 10-15 ජීවත්වන බවට විශ්වාස කරනවා. ඉන් ශ්‍රි ලාංකේය සිසුන් දසදහසක් හෝ පහළොස්දහසක් සිටින බවයි මගේ විශ්වාසය. මෙය වෙනස්වන්න පුළුවන්.

මේ කාර්ය සඳහා ඔබ සමඟ ඉන්න අය කව්ද?

ඕස්ට්රේලියාවේ ප්රාන්ත නගර රැසක පිරිසක් අප සමඟ එකතුවෙනවා. ඒ වගේම ඇත්තටම මේ අදහස මූලිකවම මම සාකච්චා කලේ මෙල්බර්න් නුවර අපේ සහෘද මාධ්යවේදී සහන් වීරසේකර සමඟ. ඔහු මේ වෙනුවෙන් දැවැන්ත කාර්යක් කරමින් ඉන්නවා.

දැන් ඔබ ඇතුළු කණ්ඩායම ශ්‍රි ලාංකේය සිසුන් වෙනුවෙන් තැබු මානුෂිය මෙහෙයුම විස්තර කළොත් ?


මෙවැනි තත්ත්වයක් උද්ගතවේයැයි අප මේ අගුලු දැමීමට පෙර සිටම කල්පනය කළා. මේ නිසා ඊට සති තුනකට පමණ කලින්ම අපි ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේයන්ගේ උදව් උපකාර ඇතිව ෆේස්බුක්, සමාජ ජාල, මට්ටමෙන් අපේ සිසුන් වෙනුවෙන් වියළි ආහාර එකතුකරන වැඩක් පටන් ගත්තා. ඔස්ට්‍රේලියාවේ කොරෝනාවෙන් මතුවෙන මනුස්සකම කියලා තමයි මම මුලින්ම මෙම කාර්යට පියවර තැබුවේ. කියන් බැරි තරම් පරිත්‍යාගශීලින් මෙම වැඩසටහනට උදව් කරන්න පටන් ගත්තා. ඒ වගේම විවිධ අපහසුතා තිබෙන ශ්‍රි ලාංකේය සිසුන් විශාල පිරිසක් අපව සම්බන්ධ කරගන්න පටන් ගත්තා. දැන් වික්ටෝරියා ප්‍රාන්තයෙන් පටන් ගත්ත මෙම වැඩසටහන, ඊට උදව් කරන පරිත්‍යාගශීලින් සම්බන්ධකරගනිමින් ප්‍රාන්ත 7කට ව්‍යාප්ත කරන්න අපට හැකිවුණා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රි ලාංකේයන්ගෙ එකමුතුකම මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුමයි.

හැබැයි මෙය සුළු පටු කාර්යක් නොවෙයි නේද ?


මෙම කාර්යට යොමුවුණාට පසුව තමයි අපට මෙහි තිබෙන විවිධ අර්බුධ පිළිබදව වඩාත් අවබෝධවන්නට පටන් ගත්තේ. උදාහරණයකට හිතන්න ටස්මේනියා ප්‍රාන්තයේ ( දූපතක්) සිටින ශ්‍රි ලාංකේය සිසුන්ට අපි මෙහි සිට වියළි ආහාර ද්‍රව්‍ය යැව්වා. ඒ අපට මුලික අවධියේදී පැවැති දුෂ්කරතා. නමුත් අපි දුෂ්කරතා නිසා අපේ මානුෂීය මෙහෙයුම නැවැත්වුයේ නැහැ.සිසුන්ගෙ වීසා පිළිබද ප්‍රශ්න එනකොට අපේ සුසන්ත කටුගම්පොල ඇතුළු නීතිඥවරුන් එම ප්‍රශ්න නිරාකරණය කරන්න පටන් ගත්තා. ඔස්ට්‍රේලියාවෙත් මේ වෙලාවේ බොරදියේ මාලු බාන සමාගම් සහ පුද්ගලයො හිටියා. සියයට 50 අඩුවෙන් වීසා ගැටලු නිරාකරණයකර දෙන්නම් වැනි ප්‍රසිද්ධ දැන්වීම් තිබෙද්දි තමයි අප නොමිලේ මෙම කටයුතු කරලා දෙන්න පටන් ගත්තෙ.

ඉන්ෂුරන්ස් දාලා තිබ්බට වෛද්‍ය ගැටලු සදහා ඒවා යාවත්කාලින කර නොගත් බොහෝ දෙනෙකුට අපේ වෛද්‍ය කණ්ඩායම අවශ්‍යය බෙහෙත් හේත් සිදු කළා. මානසික ආතතිය නැති කරන්න වෙනමම මනෝ චිකිත්සක වෛද්‍යවරුන් පියවර ගත්තා. පොඩ්ඩක් හිතන්න සමහර සිසුන් මෙහෙ ඇවිත් ගෙදර අම්මා තාත්තටත් මුදල් යවනවා මාසිකව, ඒ වගේ අයට පවතින ගැටලු නිරාකරණය කර දෙන්නත් අපි ඉදිරිපත් වුණා. ඒ මානසික පීඩාවල් මගහැර දුන්නා. ඇතැම් ගෙවල්වල කුලිය, තවත් සමහරුන් වෙනුවෙන් අපි මහන්සිවෙලා ලාංකේයන්ගෙ නිවාසවල ඔවුන්ට නවාතැන් සලස්සලා දෙන්න වැඩපිළිවෙලක් හැදුවා. මේ හැමදේටම නිර්ලෝභිව අපේ ඔස්ට්‍රේලියානු ශ්‍රි ලාංකේයන් ඉදිරිපත් වුණා.


ඔස්ට්‍රේලියාවෙ දුව පුතා ඉගෙන ගන්න ලංකාවේ දෙමාපියන්ට ඔබ දෙන පණිවුඩය කුමක්ද ?


ශ්‍රි ලාංකේය දෙමාපියන්ට අපි දෙන පණිවුඩය තමයි කිසිම මානසික වදයකට ලක්වෙන්න එපා. ඔබේ දරුවා ආරක්ෂිතව ඔස්ට්‍රේලියාවේ සිටිනවා. සියලු සිසු සිසුවියන් වෙනුවෙන් අපේ පිරිමි හා කාන්තා කණ්ඩායම් වෙන වෙනම ඔවුන්ගේ ගැටලු පිළිබදව සොයා බලනවා. කෑමබීම, ඉදිම් හිටුම්,වෛද්‍ය හා නීති පහසුකම්, අපි සුදානම් කරලා තියෙනවා. මෙහි සිටින ශ්‍රි ලාංකේය ජනතාව හරිම එකමුතුයි.පක්ෂ, සංවිධාන මොන ආකාරයට බෙදිලා හිටියත් අපේ සියලු දෙනා මේ අවස්ථාවේ එකාවන්ව සිටිනවා. මෙම ලෝක ව්‍යවසනය අවසන්වනතුරු අපි අපේ උපරිමය ඔබේ දරුවන් වෙනුවෙන් ඉටු කරනවා. ඒ නිසා මේ අවස්ථාවේ අපහසු දේවලට වද වෙන්න එපා. එකක් දුව පුතා හෙට උදේ වෙනකොට ලංකාවට ගෙන්න ගන්න වගේ නිෂ්ඵල කාර්යවලට මානසික පීඩා ඇතිකරගන්න එපා. අපි දන්න කාරණය මේ වෙලාවේ මෙහේ ගුවන් තොටුපළ වසා දමා තිබෙන්නෙ.

මානුෂිය මෙහෙයුමට සහය වන්නත්, උදව් ලබන්නත් කොහොමද සම්බන්ධ වන්න පුළුවන් ?


අපගේ සමාජ ජාල, ෆේස්බුක් හෝ පෞද්ගලිකව මා සම්බන්ධ කර ගනිමින් මෙම කටයුත්තට මුල පිරිය හැකියි.

සටහන
රමේෂ් වරල්ලෙගම

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී