නවතම පුවත්

පාත්ෆයින්ඩර් පදනමෙන් ආර්ථීකය නංවන දස වැදෑරුම් යෝජනාවලියක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආර්ථීක ජවය ඇතිකරගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාව කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන සැලසුමක් අනුගමනය කළ යුතු අතර එයට ගැලපෙන කරුණු දහයකින් යුතු යෝජනාවලියක් පාත්ෆයින්ඩර් පදනම රජයට යෝජනා කර ඇත.

රටට විනිමය උපයන ප්‍රධාන උල්පත් සි`දී ඇත. විදේශ රුකියා කරන පිරිස එවන ආදායම සීමා වී ඇති බව දැක්විය යුතුය. ඇ`ගළුම් අපනයනය නතර වී ඇත. සංචාරක කර්මාන්තය බිංදුවට වැටී තිබේ. තේ, පොල් හා රබර් ඇතුළු සම්ප්‍රදායික අපනයන ඉතාම දුර්වල තැනකය. විනිමය උපයන්නේ නැති රටක ජාතික ආදායම නැවත ගොඩනැගීම අරමුණු කරගෙන මෙම තීරණාත්මක අවස්ථාවේ දී රටට කළහැකි සීමිත සහ ඉතාම වැදගත් අංශ ගණනාවක් ඇති බව මෙම නිවේදනයෙහි දැක්වෙයි.

සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යමින් මෙරට සෞඛ්‍ය අංශයේ පරිමාව ඉක්මවා යා නොයන තැනට කොවිඩ් -19 වසංගත තත්ත්වය සීමා කළ යුතුය.
සීමා පනවා ඇති ප්‍රදේශ විශේෂයෙන් සලකා ආහාර හා ඛෙහෙත් නිසි පරිදි සැපයිය යුතු අතර නිෂ්පාදන හා සේවා ජාලය නොබිෙ`දන සැපයුම් මාර්ග තහවුරු යුතුව තිබේ.

අර්බුදකාරී අවස්ථාවක සෞඛ්‍ය හා ආර්ථීක අංශ ඉක්මනින් හා කාර්යක්ෂමව පවත්වාගැනීමට පුද්ගලික අංශයේ සහාය ලබාගැනීම ස`දහා පැහැදිලි රාමුවක් ඉදිරිපත් කිරීම සුදුසුය. හදිසි අවශ්‍යතා සම්පූර්ණ කරනු ස`දහා වේගවත් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමට පුද්ගලික අංශය ඉදිරිපත් විය යුතුය.

දුප්පත් හා සීමිත ආදායමක් උපයන පිරිස ගේ අතට ලැඛෙන ආදායම නංවන පියවර අවශ්‍යය.

රැකියා සුරක්ෂිත කරමින් ව්‍යාපාර කරගෙන යනු ස`දහා සුළු හා මධ්‍ය පරිමාන අංශ වෙත ණය සහන, ප්‍රාග්ධන සැපයුම, හා අවශ්‍ය රැකවරණය වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිය යුතුය.

ව්‍යසනයේ තත්ත්වය මැනබලා ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කළ හැකි ආර්ථීක පුනර්ජීවන බලකායක් පිහිටුවිය යුතු අතර මෙරටට වැඩිම විනිමය උපයන ප්‍රධාන අංශ හතර එනම් විදේශ රැකියා, ඇ`ගළුම්, කෘෂි අපනයන හා සංචාරක අංශ වල නියෝජනය අවශ්‍යය. විශේෂයෙන් මහා පරිමානයෙන් රුකියා වලින් ඉවත් කරන්නට ඉඩ ඇති අංශ ආවරණය කරන ව්‍යවසායකයන් නියෝජනය කළ යුතු අතර ඔවුන්ගේ අදහස් සහිත ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතුය.

ආර්ථීක ජවය නැවත ඇති කරගැනීම වෙනුවෙන් රටට අලූත් මුදල් ප්‍රමාණයක් අවශ්‍යය. දේශීය වශයෙන් ණය ගැනීම හෝ දැනට ඇති නිල සම්පත් වලට අතතැබීම නුසුදුසුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා හා ආසියානු සංවර්ධන බැංකුව යන ආයතන හදිසි සහන වැඩ පිලිවෙල ප්‍රකාශයට පත් කර ඇති අතර ඒවායේ සහන ඉතාම අඩු පොලියකට සැපයේ. මෙම ආයතන සමග සම්බන්ධවී අලූත් ණය ගිවිසුම් ඇති කරගත හැකි අතර ඒවා රටට ගැලපෙන පරිදි වහාම සම්පාදනය ඉතාම අවශ්‍ය කාරණයක් බව ද දේශීය බුද්ධි පර්යේෂණ ආයතනයක් වන පාත්ෆයින්ඩර් පදනම කෙටි කාලීන වශයෙන් ගත හැකි පියවර වශයෙන් පෙන්වා දී තිබේ.

පශ්චාත් අර්බුද ඇති නොවන පරිදි අය වැය හා මුල්‍ය කළමණාකරණය ගැන කල්තබා පියවර ගත හැකි අතර රාජ්‍ය ව්‍යවසාය එනම් ශ්‍රී ලංකන් වැනි ආයතන වල වහා ප්‍රතිසංස්කරණයට ලක් කර පාඩු අවම කරගැනෙන පියවරකට යා යුතුය. මේවා අමිහිරි තීරණ නමුත් අවසාන ඉලක්කය දුෂ්කර හා ඉතාම පීඩාකාරී වන බව මතක තබා ගැනීම වැදගත් බවද පාත්ෆයින්ඩර් පදනම දක්වන මැදි කාලීනව සලකා බැලිය යුතු බව කියන යොජනාවකි.

දීර්ඝ කාලීනව බලන විට ව්‍යුහයට පිටතින් හිතන අලූත් විස`දුම් කරා යා යුතු අතර භාණ්ඩ හා සේවා අංශයන් හි මෙතෙක් පැවැති ක්‍රම වෙනස් කරන තීරණ ගත යුතුව ඇත. දේශපාලන අරමුණු රහිත මැදහත් විචාරයකින් අනතුරුව මෙම බැරූරුම් අවකාශය පසුකිරීමෙන් පසු ආර්ථීක හා තාක්ෂණික වශයෙන් ඉදිරියට ගමන් කරන ජාත්‍යන්තරය තුළ ඉදිරියෙන් සිටින්නට හැකි වන පරිදි හො`ද පදනමක් සකස් කරගත යුතු අතර වසංගතයේ පශ්චාත් අවධිය උදාවන අවස්ථාවේ දී ආහාර සුරක්ෂිතතාව ඉතාම වැදගත් වනු ඇති බව ද දක්වයි. ඉඩම් පරිහරණය ඉහළම තැනකට කැ`දවීම හා මිශ්‍ර භෝග වගාවක් කරා අවතීර්ණ විය යුතු බව ද දීර්ඝකාලීනව සලකා බැලිය යුතු බව යෝජනා කර තිබේ.

ගාමිණී සරත් ගොඩකන්ද

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී